Tuesday, November 22, 2011

නොම්මර එකේ බලු කතාවක්

බලු කතන්දර අහන්න ඕනේ කට්ටිය ඉන්නවනම් වාඩි උනානම් ඔය හත් අට පොළකින්..
හොදයි හොදයි..



ඔන්න යකුනේ එකෝමත් එක විශ්වයක බල්ලෝ විතරක් ඉන්න ලෝකයක් තියෙනවලු. ඔය ලෝකේ පුංචිම පුංච් රාජ්ජයක වෙච්ච බලු කතාවකුයි මම මේ කියන්න යන්නේ ඔහේලට. ඔන්න ඔය බලු රටේ හිටියාලු එක නොම්බර එකේ බල්ලෙක්. මෙයත් ඉතින් එසේ මෙසේ එකෙක් නෙමේ.. සමහර අය හොද කියනවා , තවත් සමහරු නරක කියනවා.. අපි කාගේවත් පැත්ත ගන්නේ නැතුව ප්‍රදාන නළු බල්ලා කියල කියමුකෝ මෙයාට.

ඔය රටේම තව ඉන්නවලු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බැල්ලියෙක්. මෙයා ගැන වැඩි විස්තර නැතුව උපමා උපමේය නැතුව නිකන්ම නිකන් බැල්ලි කියල කියමුකෝ මෙයාට.



මේ රාජ්ජේ බල්ලෝ එකිනෙකා කොටගන්නා එකේ සීමාවක් නෑලු කෑම වලට. පාලන බල්ලොන්ට විරුද්ද බල්ලෝ හරි හරියට පොර කාගෙන ඔන්න කොහොම හරි පාලන බල්ලෝ පොරේ දින්නලු. අපේ ප්‍රදාන නළු බල්ලා ඔය පොරේදී  හොදට පොර කෑවා කියල තමා කියන්නේ. අපිට ඒවා වැඩක් නෑ. වැඩේ කියන්නේ පොරේ දිනලා වැඩි දොහක් යන්න කලින් මෙන්න බොලේ මේ බල්ලා පාලන බල්ලා වෙන්න පොරයක් අල්ලන්න ගත්ත. මේ කතාවට එකේ කිසි සම්බන්දයක් නෑ. මම මේ නිකමට කිව්වේ.

ලොකු බලු පොරේ ඉවර වෙනකල් ලොවෙත් හිටියේ නැති අපේ බැල්ලි සබේට එන්නේ මෙන්න මේ වෙලාවේ තමා.

කොහොමද ආවේ කියල කියනවනම් මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද උනේ. එක පාරටම කොහෙද හිටිය පරට්ට බැල්ලියෙක් බලු උසාවියේ නඩුවක් දාල අපේ ප්‍රදාන බල්ලා මෙහෙම කතාවක් කියල බලු සංහතියම පාවල දුන්න කියල. මෙහෙම කිව්වට කතාව තාම දැම්මේ නෑනේ. මෙන්න කතාව "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල මහා බල්ලා අන දුන්න"

දැන් හෙනම ගේම. ඇයි බල්ලෝ හෙනම බලු කතාවක්නේ කියල තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි, අපේ බැල්ලිට ඕනේ උනා බලු පත්තරේ බලු විස්තරයක් දාන්න. ඉතින් ඔය වැඩේට බලු සම්මුක සාකච්චාවක් කරන්න යන වෙලාවේ තමා මේක කියල තියෙන්නේ.

ඔන්න උසාවිය ඇහුව මොනවද තියන සාක්කි... මේ වෙනකොට මේ බැල්ලි හෙනට පිම්බිල පොමනේරියන් එකෙක් වගේ හැඩවෙලා මෙන්න මෙහෙම කියපි. "බලු සුවාමිනි, මම ලග මේ දේ කිව්ව බලු වොයිස් රෙකෝඩ් සහ බලු නෝට් ඇත.

බලු නඩු හාමි කියපි "මොනවද ඔය බල්ලට කියන්න තියෙන්නේ මේ දේ ගැන. අපේ ප්‍රදාන බල්ලා මෙන්න මෙහෙම කියපි "පොරේ අන්තිම වෙලාවේ මස් කටු උස්සගෙන ආව හොර බල්ලන්ගේ බොටුවෙන් මිරිකන්න කියල  මහා බල්ලා අන දුන්න කියල ආරංචියක් තියනවා. නමුත් එහෙම දෙයක් කරාද කියල මම දන්නේ නම් නැහැ කියලයි මම කිව්වේ. මේ බැල්ලි මේක විකුර්ති කරලා දාල තියෙන්නේ".

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. මෙන්න මේ බැල්ලි කියපි "බලු සුවාමිනි, මාර වැඩේනේ මගේ බලු වොයිස් රෙකෝඩ් කරන එක එදා වැඩ කරලා නෑනේ. නෝට් නම් තියනවා"

එතකොට බලු නඩු හාමි කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරෙ දුන්නනම් එහෙනම් සාක්කි."

දැන් ඊලග නඩු වාරෙ ලැබුවා. බැල්ලි දුන්න පොතක්. වැඩේ කියන්නේ ඔය විස්තර ලියපු බලු කොළ , පොතේ සාමාන්‍ය කොළ වලට වඩා ගනකමින් වැඩි. (හොර වැඩක් වත් කොරගන්න බෑ මේ බැල්ලිට). මේ වැඩේ පෙන්නුවා අපේ ප්‍රදාන බල්ලාගේ සහයක බල්ලෝ. බලු නඩු හාමි එක පිළිඅරන් කියපි "නඩුව අදට කල් දානවා. ලබන නඩු වාරේ දුන්නනම් එහෙනම් සාක්කි."

ඔහොම නඩු වාර කීපයක් ගියපි. අන්තිමේදී හොදම බලු දවසක තීරණය දෙනවා කියල නඩු හාමි කියපි. මේ වෙනකොට බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය වගේ නොම්මර එකේ බලු කතා කියපු අපේ පරට්ට බැල්ලි රට පැනපි.

ඔන්න තීන්දුව දෙන දවසත් ආවය කියමුකෝ..

ඔන්න බලු නඩු හාමි කියපි "ඇත්තෙන්ම බලු උසාවිය යනු අපද්‍රව්‍ය බැහැර කරන තැනක් වැනිය. ඔය ඉස්සරහ ඉන්න ඇස් බැද ගත්ත බලු කෙලි ඕනෙම කෙනෙකුට මුදල් දී සංවාසයේ යෙදිය හැක. මේ බව පෙන්වා දුන් අපේ සත්ගුණවත් බැල්ලිට අපගේ ප්‍රසාදය. තවද බලු වොයිස් රෙකෝඩ් කරන මෙව්වා එක එක වෙලාවට වැඩකරන්නේ නැති බව සැබෑය. එමෙන්ම බලු රටේ පොත් ගහන උන් කිසිම කමකට නැතිය. එක පොතේ එක එක පිටු එක එක ගනකමින් යුක්තය. මේ සියලු සාක්කි ගැබුරින් සලකා බලා මේ බල්ලව අවරුදු 3කට සහ හරක් කටු 2ක දඩයකට යටත් කරමි."

සැරදේ... සැරදේ... බලු උසාවියට ජය වේවා...

මෙහි එන නම් ගම් සිද්දීන් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න. (මෙවැනි සිද්දීන් බලු ලෝකයේ පමණක් සිදුවිය හැකි සිද්දි බැවින් මෙවැනි වගන්තියක් දැමීමට අනවශ්‍ය යයි මට සිතෙන නමුත්, ඕනෙම පස්චාත් බාගයක් කියා දැමුවෙමි)



12 ප්‍රතිචාර:

Unknown said...

කික්ම තමා...යකඩෝ බල්ලන්ටම ගිය රටක් නොවැ ඉතින්

duliponline said...

බුහ් බුහ් . . . .!!

Unknown said...

බල්ලා රජ උනා රට බල්ලට ගියා...බල්ල රජ කරපු එක ප***ක් නෑ දැන් හොයගන්න..එ වේස බලල්ලු කියනවා යුද බල්ලට වෙච්චවැඩේ හොදනෑලු, රට යන විදිය වැරදීලු දැන් උබලා බලු පොතේ කොට කොට ඉන්නේ නැතුව මොනා හරි කරහන් ලු!! ඈ පො*** වේ***නේ අපිද පශ්චත් බගේ උඩ දාගෙන දෙක දුන්නේ රජ බල්ලාට??

සංකල්ප said...

ඒක නම් පුදුම බලු වැඩක් නේ යකඩෝ !!!!
කොහොමහරි රට බල්ලට ගියා බල්ලා රට ගියා කිව්වලු!!!! හික්ස් :)

කිඩෝ said...

අඩෝ වැරදිලා ලංකාව කියලා වැදිලා ටුං ගාලා ඒක බලු කරන්න ;)

ADK කොලුවා said...

බලු වැරද්දක්නේ වෙලා තිබුනේ.. කිඩෝ කොලුවට තැන්කු වේවා...

ADK කොලුවා said...

@ ChammA : අනිවා.. බල්ලට ගිහින් නේන්නම් තියෙන්නේ..

ADK කොලුවා said...

@ ඕනයා : මොකෝ බොල තෝ බුරන්නේ.. හිකිස්

ADK කොලුවා said...

@ patty : අනේ මම ඔය කාගෙවත් පැත්තක් ගන්නේ නෑ.. මම මේ සුරඟන කතාවක් ලිව්වේ. ලොල්ය..

ADK කොලුවා said...

@ මධුරංග : හොද වෙලාවක මේක බලු රටක උනේ.. ලංකාවේ වගේ උනානම් වාසල ඉවරයි.. අපේ නායක තුමා අනිවා සාධාරණය ඉටු කරනවා... බුහ්.. බුහ්..

ගලයා said...

බල්ලෝ එළියට දාලා රජ ගෙදරට දාලා රටටම ඇහෙන්න උඩු බුරලවනවා...
නොදෝකින් බල්ලට ගියරට....
බූඌඌඌඌඋහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!(උඩු බුර ලාමක්)
රජ බල්ලන්ගේ අවසානය ළඟම බව හැ‍ඟෙන නිසා උඩු බිරීමි...

Sabith said...

ඇස් බී ලොක්කත් උලු ගැනලා ආවේ ඔය ටික කියලා තමයි!!

Post a Comment