Sunday, November 6, 2011

හොද ඇපල් කන්නේ පණුවෝය.....

 
ගොඩක් දවසකින් මුකුත් හරියට ලිව්වේ නැතිනිසා මම කොලුවට හිතුන මොකක් හරි කතාවක් කාරිය දාන්න. කතන්දරනම් අනන්තවත් තිබුනත් ඒව කොටා ගන්නා වෙලාවක් නැති එක තමා වැඩේ. ඇත්තටම වෙලා නැත්තේ නෑ. ඒත් වැඩ ඇරිලා ගෙදර ආවම මොන කෙටිලිද, පිලුමක් බලල නිදාගන්න එක තරම් සැපක් නෑ ලොවෙත්.



වැඩි වැල් වටාරම් නැතුව මම අද පොස්ට් එකට බහින්නම් කෝ... ටොපික් එක දැක්කම මොන කෙහෙල ගහටද මූ හැරෙන්නේ කියල තේරෙනවනේ. ඒ කෙහෙල ගහට තමා හැරෙන්නේ. මේ ගැන නම් අනිවා බ්ලොග් පොස්ට් 1000 කට වඩා ලියවිලා ඇති. 1000 ක් ලියවිලා තියන එකේ 1001 ක් ලියඋනා කියල අව්ලක් නෑ නොවෑ කියල ඉතින් කොටනවා.

මේ "ඇපල් ගෙඩියක් පණුවෙක් කන කතාව අද ඊයේ නෙමේ අව්රුදු ගානක් පරණ නමුත් අදටත් අලුත් කතාවක්. මට මේ කතාව එක පාරටම මතක උනේ පහුගිය දවසක මම කොලුවා කන්න ගිය තැනක සාමාන්‍ය මට්ටමේ කොල්ලෙක් එක්ක ගිය සුපිරි කන්‍යාවියක්(ගිය විදිය, දැක්ක ස්ථානය සහ දැක්ක වෙලාවේ හැටියටනම් කන්‍යාවියක් කියන්න අමාරුයි) දැක්ක මගේ යාලුවෙක් හෙන දුකෙන් ඔය කතාව කිව්වා.. මොකද්ද කතාව??? "අර බලපන්කො බං, ඇපල් ගෙඩියක් කන පණුවෙක්".. හිකි හිකි..

ඔය ඇපල් පණු කතාව ඇත්ත කියල අපිටත් හිතෙන වෙලා අනන්තයි.. හැබැයි මමනම් කියන්නේ ඔය කතාව තමන්ට හොද කෙල්ලෙක් දාගන්න බැරි, එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ලගේ ලස්සන පෙන්නේ නැති හීනමානයක් තියන උන් කියන කතාවක් කියලයි. 

අපිටත් ඔය කතාව කොල්ලෝ කීයක්නම් කියල ඇතිද?? ඔය කතාව කියන උන්ටත් ඔයකතාවම කොච්චර උන් කියල ඇතිද?? ඔන්න ඕක තමා මනුස්ස ස්වබාවය. තමන් සතු දේ කිසි අගයක් නෑ. 
 
මෙහෙම ලියන් යනකොට මට පරණ කතාවක් මතක උනා. මේ කතාවේ කතා නායකයා මේ බ්ලොග් එක බලන උබල අපි හැමෝම දන්නා, මගේ හොදම ගජයෙක්. මම මෙතන නම දාන්නේ නැති උනාට අනිවා, අපේ දමිත් කොට හරි, මෝල හරි යටින් දානවා සුවර්.. 

ඔන්න දවසක් මූ බස් එකේ මුගේ කෑල්ලත් එක්ක පන්ති යනවලු. මුන් දෙන්න බස් එකේ මැද හරියේ වැඩිවෙලා උකුළු මුකුළු කරන් යනකොට මුට පේලි දෙක තුනක් පස්සේ හිටගෙන හිටිය කොල්ලෙක් උගේ යාලුවට කියනවලු අපේ ටොපික් එකේ කතාව.. මොකද්ද?? "බලපන්කො බං ඇපල් ගෙඩියක් පණුවෙක් කන හැටි.. අයියෝ සල්ලි.." 

මගේ ගජය ඉතින් ලව් සික් එකේනේ මුට ඔය කතාව ඇහිලා නෑ. නමුත් මුගේ කරුමේ කියන්නේ අර කොල්ලෝ දෙන්න හිටන් හිටිය තැන වාඩිවල ඉදල තියෙන්නේ අපේ තවත් යාලුවෙක්. මුට දැන් කතාව ඇහිලා, මුට පස්චාත් බාගයෙනුත් හිනාලු අර කොල්ල කියපු විදියට. 

ඔය අනිත් යාළුවා මුත් එක්කම බස් එකෙන් බැහැල කිසිදෙයක් කියන්නේ නැතුව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ මුළු කැන්ටිමටම ඇහෙන්න ඔය කතාව රගපාල කියන්න තරම් නිහතමානී උන එක ගැන අපි ඇත්තටම අගය කරන්න ඕනේ... 

ඉතින් එදා ඉදන් මගේ මේ ගජය කිසිම එකෙක්ට විරුද්දව බයිකට කට අරිනවා බොරු.. පොඩ්ඩක් කට ඇරියොත් ඇපල් පණු ජාතකේ කරලියට ඇවිල්ල බයිට් එක මුගේ පැත්තට එනවා..

ඔන්න බලාපල්ලා ලංකාවේ කොල්ලන්ගේ කුහකකම සහ හීනමානය...
 
හැබැයි ඔය කියන මගේ යාලුවටනම් ඇපල් පණු ජාතකේ ලෙසටම ගැලපෙනවා කියල තමා "රට්ටුයි, ලෝකයෝයි කියන්නේ.. අනේ මමනම් නෙමේ ඔන්න ඕව කියන්නේ...

 එහෙනම් අපි කැපුන.... ජය වේවා...

12 ප්‍රතිචාර:

Amila Jayatillaka said...

hikz aniva ADK ;) ;)

duliponline said...

//හොද ඇපල් කන්නේ පණුවෝය.....//
තනි ඊරිසියාව . . .

හැබැයි මටත් දවසක් ඔහොම හිතුන කොහුවල ඩයින් මෝ එක ඉස්සරහදි .. . . .

Dinesh said...

"හොද ඇපල් කන්නේ පණුවෝය"

මටත් ඕක කීපවතාවක්ම හිතිලා තියෙනවා...

සංකල්ප said...

අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න ඇවිත්.
මම ආසම වාක්‍යය තමා මේක..

"බලපන්කො බං ඇපල් ගෙඩියක් පණුවෙක් කන හැටි.. අයියෝ සල්ලි.."

අර කිව්වත් වගේ ලස්සන කෙල්ලෝ දාගන්නෙම කලු කොල්ලෝ නේ. මාත් එකවතාවක් ඕක ගැන ලිව්වා. :)

මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනොත් මටත් එවන්න

Unknown said...

වර්ෂන් 2 එක තමා ඉතින් " දා ගත්තු / දා ගන්න ඉන්න කෙල්ල දුරට ඇපල් ළගට පැපොල් "

පොඩි මෑන් said...

ඕක වැරදියි බං.. ඇපොල් පනුවො කන්නෙ අපි නොකෑවොත්... වැරද්ද අපේ අතේ.....


මම දැනගත්ත ජීමේල් එක දැකපුගමන් උඹ ආයෙ මේ පැත්තෙ කරග්ගහල තියෙනව කියල :D :D

සිත් අහස said...

හම්මෝ කාලෙකින්,.හෙ හෙ,..ඇවිත් අරගෙන ඇවිත් තියෙන්නෙත් නියම කථාවක්,.
ඇත්ත තමයි,. මධුරංග අයියා කියනවා වගේ සුදු කෙල්ලෝ කැමති කළු කොල්ලොන්ටළු,.. :p

හිතුවක්කාර කෙල්ල said...

හික්ස්ස්ස්ස්ස්..... සුදු කෙල්ලො කැමති කළු කොල්ලොන්ට නම්?
කළු කෙල්ලො කැමති සුදු කොල්ලොන්ටද?? :D :O

Unknown said...

Sure macca (Supun) නම් වෙන්න බෑ ලොවෙත්.. :P

Ravisanka said...

Ha ha....

Pramod said...

කපිලද බන්???

hansaka said...

makka nan neme

Post a Comment