Saturday, August 6, 2011

වැඩ පිට වැඩ.. අපොයි...


අප්පා.. බ්ලොග් එකේ මකුළු දැලුත් බැදිලා. දවස් 3 කට පස්සේ තමා මමත් මගේ බ්ලොග් එක පැත්තේ ආවේ. මගේ පහුගිව ඒවා කියවපු අය දන්නවා මම වැඩ කරන කොම්පැනිය මාරු කරා කියල. මෙච්චර කල් හිටිය මුභාෂාව දාල මම "අපෝ නෑ" වගේ ශබ්ද වෙන කොම්පැනියකට ගියාලු.



දැන් සතියක් තිස්සේ එක එක ඒවා ඉන්ස්ටෝල් කරනවා. පොඩ්ඩක් හිතපල්ලා සතියක් තිස්සේ නොනවත්වා ඉන්ස්ටෝල් කොරනවා කියන්නේ.. මට පිස්සු වගේ..

ලොකුම කෙලිය අලුත් කොම්පැනියේ පාවිච්චි කොරන්නේ LINUX. ලොවෙත් මේ මගුල පාවිච්චි නොකල මට දැන් මේක ඕනවට හරි එපාවට හරි පාවිච්චි කරන්න වෙලා. දැන් තමා මට බිල් ගේට් කාරයට මල් තියල වදින්න හිතෙන්නේ. ඌ නම් දෙවියෙක් නෙමේ දේවාලයක්.

ගියපු අලුත වැඩිය නෝට් වෙන්න බෑනේ. ඉතින් කොල්ල නොනවත්වා වැඩ. බුකිය පැත්තේ වත් ගියේ නෑ.බ්ලොග් එක පැත්තේ ගියාට සිංහල පෙන්නේ නෑ. LINUX වල සිංහල දාගන්න මම තාම දන්නේ නෑ. 

අපරාදේ  කියන්න බෑ, මුභාෂාව වගේම මේ කොම්පැනියේ ඉන්න අයත් හරිම හොදයි. දන්නේ නැති දේවල් බනින්නේ නැතුව කියල දෙනවා. එකම දේ කීප සැරයක් ඇහුවත් තාම බැන්නේ නම් නෑ. මේ ටිකට බැන්නේ නෑ කියන්නේ ආයේ ලොවෙත් බනින්නේ නෑ. ඒ තරම් මම වාත උනා. ලොල්ය...

කොම්පැනියේ  ඉන්න හිච්චිම කොල්ල මමද කොහෙද(මම තමා). පොඩි වගේ පෙනුන අක්ක කෙනෙක් හිටිය. මම පොඩි ටෝකක් දුන්න.(ඔය ඉතින්... කුපාඩි කමට නෙමේ යකුනේ.. මනුස්ස කමට.) එකිත් මට වඩා අවරුදු 2ක් වැඩිමල්. ඉන්නවැඩි හරියක් 30-40. මට තාම 24 කියල බොලා දන්නවනේ. සම වයසේ අය නැති එක හිතට දුකක් උනත්, මේ වගේ කොම්පැනියකට අඩු වයසෙන් එන්න ලැබීම ගැන පට්ට සතුටුයි. (අතට ලැබෙන ගානත් වැඩියිලු.. හිකි හිකි)

මොනවා  උනත් මේ රස්සාව මගේ ජිවිතේ ලොකු වෙනසක් කරයි කියලනම් මට දැනෙනවා. බලමුකෝ ඉස්සරහට.

ඉන්න අය හොදට කන බොන අය වගේ පෙනුම. (කොහොමත් ඉතින් IT කරන අය කනවා බොනවා නේ..) හැබැයි තාම සෙට් වෙන්න උනේ නෑ. ඉස්සර මුභාෂාව වගේ හවසට 200ක් දාගන්න කෙනෙක් නැති එක නම් ලොකුම පාඩුවක්. ඉක්මනට මොකෙක් හරි ජොන්ටෙක් සෙට් කරගන්න ඕනේ.

අපේ කට්ටියගේ බ්ලොග් පැත්තේ මම පහුගිය ටිකේ සහ ඉස්සරහ දවස් ටිකේ සැරිසරන්නේ නැති එකට සමාවෙන සේක්වා.. මොනවා උනත් කන්න දෙන රස්සාව ඔක්කොටම වඩා ලොකුයිනේ..

වැඩි වෙලා ලියන්නත් බෑ අප්පා.. අද දවසේ මම හම්බානකට නෑවා. error එකක් ඇවිල්ල ඇස්දෙක රිදෙනකල් හෙව්වා හෙව්වා... අන්තිමට බැරිම තැන ඇහුවම අයිය කෙනෙක් ඇවිල්ල (මිනිහටත් වැඩේ අල්ල ගන්න ටිකක් වෙලා ගියා) හදල දුන්න. මගේ ඔලුව රිදෙනවා. දැන් මට ඕනේ පිලුම් කෑල්ලක් දාගෙන ඇදට වැටෙන්න.

ඔන්න ඕකයි මගේ අලුත්ම තත්වය.. තරහ වෙන්න එපා.. වැඩිය ලියන්න වෙන එකක් නෑ මේ මාසේ.. හැබැයි ලියන එක නවත්තන්නේ නෑ.. ටික දවසකින් වැඩ ටික අල්ල ගත්තම කොල්ල ආයෙත් ලියන්න පටන් ගන්නවා. එහෙනම් මම කැපුනා... හැමෝටම ජයෙන් ජය...

25 ප්‍රතිචාර:

කිඩෝ said...

අහ් අවුලක් නෑ අයියා... මොත් මේ දවස්වල මුකුත් නොකර පට්ට බිසී වෙලා.... ඔය නිකං IQ ප්‍රහ්න කෑල්ලක්වත් දාගෙන යන්න යමින්ගමන්

Pramod said...

ඔක්කොටොම කලින් ජොබ් එක කරගෙන හිටපන්... උබටත් ජය...

චතුමිතු said...

අහ්.. කමක් නෑ කොළුවෝ.. ඔය වැඩෙත් අල්ල ගෙන ලිනක්ස් එකට සිංහලත් දාගෙනම එන්නකෝ..අපි හැමදාමත් ඉන්නවා නේ ඉතින්..:)

Tila said...

LOL. ela ela. oya kathava aranchi una. issella rassava karapan, eda hamba vena vidiyata blog aka liyapan.
Anyway all the Best.

Unknown said...

awlak na ban..himita liyapan..:)
aluth job ekata magen suba pathum..!

සාතන් said...

එල එල... අලුත් තැන වැඩ ටික හොඳ විදිහකට සෙට් කොරගනින්කො... ඕල් ද බෙස්ට් කිව්ව!...

Unknown said...

අඩේ එල එල..ඔය කම්පැනිය නම "A" අකුරෙන් නෙවයි නේද පටන් ගන්නේ..ලොල්

ඕල් ද බෙස්ට් කිව්වා..

duliponline said...

එල එල . . . ඉස්සෙල්ල අලුත් ජොබට හරියටම ප්ලග් වෙලා හිටිං . . . . බ්ලොග් නං ගෙදර ගිහිං හරි කොටන්න පුලුවං නෙ . . . .

Unknown said...

ලිනක්ස් අමාරුයි කියන්නෙ තනිකර හිතළුවක් අයියෙ. මුලින්ම පාවිච්චි කරන කෙනෙකුට සිංහල දාගන්න වගේ අවුල් තමයි. ඒකත් ඉතින් අමාරු දෙයක් නෙවෙයි. පැකේජ් ටික සිලෙක්ට් කරල දැම්මම හරි. නැත්නම් http://hanthana.org වගේ එකක් පාවිච්චි කරන්න. Ever Ready මට්ටමෙන් ඇවිල්ල තියෙන්නෙ. අනික කමියුනිටි එකෙන් ඕනෙම සප් එකක් දෙනව.

Angel said...

all the best වේවා....

දේව් ගේ අඩවිය said...

රස්සාව හොදට කරගෙන ඉක්මනටම බොස්ලගේ නහයටම නාස් ලනුව දාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා................

පිස්සු පුසා said...

ඔන්න මගෙනුත් සුබපැතුම්.ගුඩ් ලක් යාලුවා

සංකල්ප said...

අඩේ ඒක තමයි අපිත් බැලුවේ මේකට මොකෑ උනේ කියලා. අම්මේ අති යන්තන් අපිව මතක් වෙලා ආවනේ. ඒකම ඇති.

මුභාශාව දාලා ඇපෝනා එකට ඇවිත් වගේ. හික්ස් :)
ඔය මුබාශාවේ අපේ කම්පස් එකෙනුත් ආපු සෙට් එකක් හිටියා. හම්බ උනාද දන්නේ නෑ.

ඔන්න දැන් නම් දිගටම ලියහන් කොල්ලෝ !!!! :)

Anonymous said...

අපෝනෑ! හරි හරි මට හිතා ගන්න ඇහැකි! A.........A

Ravisanka said...

Ela macho....Best of luck with Ur Job..:)

ADK කොලුවා said...

@ කිඩෝ : අනිවා... ඉඩ ලැබෙන විදියට ලියන්නම්...

@ Pramod : නැතුව නැතුව.. ඒක කෙල උනොත් ඔක්කොම කොට උඩ...

@ චතුමිතු : දාගන්නම්... අද පොඩ්ඩක් ෆ්‍රී.. හොයන්න ඕනේ ක්‍රමයක්..

ADK කොලුවා said...

@ Tila : එහෙම තමා හිතන් ඉන්නේ... ඉඩ ලැබෙන විදියට අනිවා ලියනවා...

@ දිලීප : බොහොම තැන්කු මචන්...

@ සාතන් : ඒක තමයි බං, මාත් මේ කට්ට කාගෙන ඉන්නේ. වැඩේ අල්ලගත්තම අව්ලක් නෑ...

ADK කොලුවා said...

@ ChammA : මල්ලි හරි මල්ලි... හිකි හිකි

@ ඕනයා : මේ දවස් වල වැඩ වැඩි නිසා ගෙදර ගිහින් කොටන්න තියා අග පත හොද ගන්නවත් හිතෙන්නේ නෑ බං.. වැඩි කාලයක් මෙහෙම නෑ.. මුලින් අල්ල ගන්නකල් විතරනේ...

@ chanakalin : ඇත්ත ඇත්ත. ලිනස් අමාරු නෑ. මම කලින් කරලම නෑනේ බං. ඊකයි කෙස් ඒක. ලින්ක් එකට තැන්කු කිව්වා. බලමුකෝ ගිහින්.

ADK කොලුවා said...

@ StArry aNgeL : තැන්කු.....

@ දේවා ගේ අඩවිය : හිකි හිකි... බලමුකෝ... බලමුකෝ...

@ පිස්සු පුසා : තැන්කු මචං...

ADK කොලුවා said...

@ මධුරංග : කියපු කොම්පැනි දෙකම හරි.. අනිවා දිගටම ලියනවා. කලින් ලිව්වා වගේ දවස ගානේ ලියන්න ලැබෙන එකක් නෑ.. නමුත් පුළු පුළුවන් විදියට ලියනවා...

@ විසිතුරු : හරියට හරි..

@ Ravisanka : එලම තමා...

නදී said...

අලුත් ජොබ් එක හොදින් කරගන්න.හැමදේටම වඩා ඒකනේ වටින්නේ

"දැන් මට ඕනේ පිලුම් කෑල්ලක් දාගෙන ඇදට වැටෙන්න."
මොකද්ද පිලුම් කියන්නෙ?

පිණිබිඳු... said...

මට නිකමට හිතෙනවා මම දන්න තැනකද මේ වැඩ කරන්නෙ කියලා. Rez?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම මේ දීපු සවුන්ඩ් එක අනුව කොම්පැනියෙ නම කල්පනා කොරනව තාම .... එල එල කොරගෙන පලයන් සහෝ සුභ පැතුම්

පොඩි මෑන් said...

හා හා වැඩ කොරගනින්කො....

ADK කොලුවා said...

@ නදී : "පිලුම් කෑල්ලක්" කියන්නේ "පිච්චර් කෑල්ලක්" එහෙමත් නැත්නම් "චිත්තර පටි කෑල්ලක්" ඔයාට කක්කි අදහසක් ආවද??? හිකි හිකි...

@ පිණිබිඳු... & buwa : කලින් කොම්පැනිය "Mubasher", දැන් කොම්පැනිය "AEpona"

@ පොඩි මෑන් : හාකෝ හාකෝ...

Post a Comment