Sunday, August 28, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 1

අද මම කියන්න යන්නේ වැඩිය පරණ කතාවක් නෙමේ. දැනට සති දෙකකට කලින් අපි ගියා යාලේ පොඩි විනෝද සවාරියක්. අපි කිව්වේ මම සහ මගේ ඉස්කෝලේ බොකු ටික. මේක ලියන්න ටිකක් කල් ගියේ වැඩ ටිකක් වැඩි නිසා. මේ කතාව පොස්ට් දෙක තුනක් යාවි කියල මම හිතනව. අනිවා... එක දිගට වැඩිය ලියන්නේ නෑ මේ දවස වල. තරහ වෙන්න එපා...

විශේෂයෙන් කියන්න ඕනේ මේ පොස්ට් එක දාන්නේ හුදෙක් ගමනේ මතකය අලුත් කිරීමට මිසක් මඩ ගැසීමේ චේතනාවෙන් නොවෙමි(කොහොමත් මට වැඩිය මඩ ගහන්න බෑ) හිකි හිකි.

අපේ ඉස්කෝලේ සෙට් එක සාමානයෙන් අව්රුද්දකට ට්‍රිප් දෙකක් විතර යනවා. දැන් ඉස්කෝලේ ඉවර කරලා ගොඩක් කල් උනත් තාම සෙට් එක, එකා වගේ ඉන්න එක ගැන පට්ටම සතුටුයි. ට්‍රිප් එක සංවිධානයට මුල්තැන ගත්තේ වෙනද වගේම අපේ කොටා. මේ සැරේ ට්‍රිප් එක යන තැනක් හොයනකොට තමා දිලුම කිව්වේ අම්මට පුළුවන් යාල ඇතුලේ බුක් කරන්න කියල. කොහොම හරි ඔහොම ගිහින් යාල ඇතුලේ තියන බංගලාවක් බුක් කරලා එකේ දවස 3ක් ඉන්න කට්ටිය සෙට් උනා. කලින් යන්න 20ක් විතර හිටියට අන්තිමට එක එකාට එක එක වැඩ සෙට් වෙලා පොලු ගොඩක් සෙට් උනාලු.. ඔය අතරට පින්තුර ගැනීමේ උන්මාදයෙන් පෙලෙන මගේ අයියන්දඩිත් ප්ලග් උනා. මොකද යාල ඇතුලේ හොද පින්තුර ටිකක් ගන්න පුළුවන් නිසා. 

මුලින් ගමනට වෑන් එකක් සෙට් කරගත්තත් පස්සේ පොඩි රෝස බස් එකක යන්න කට්ටිය සෙට් උනා. හෂුලය කතා කරලා අපේ හොද යාලුවෙකුගේ බස් එකක් ගමනට සෙට් කරගත්ත. ෆුල් AC. ෆ්‍රිජ් එහෙමත් තියන එකක්. අලුතෙන්ම අරගෙන තාම කොහීවත් ගිහින් නෑ. දැන් කට්ටියට හෙන කික්. කොහොම හරි යන්න අන්තිම මොහොතේ (දවසකට කලින්) ඒ බස් එකට ලොකු හයර් එකක් වැදිලා දවස 10ක. මලා. දැන් මොකද කරන්නේ. කොහොම හරි කරලා වෙන බස් එකක් කතා කරගත්ත යන්න එක දවසෙන්. ඔය අතර මැද දවස් වල කලේ ඇතුලේ උයන්න දෙන්න කෑම ගන්න කඩ නැති නිසා ඒවට ඕන දේවලුත් කට්ටිය හරි හරියට සෙට් කරගත්ත. 

බුකියේ නොර්ටිෆිකේෂන් අප්පිරිය කරපු මේල් ත්‍රෙඩ් එකක් මේ සංවිදාන වැඩ වලට ගොඩක් උදවු උනා. කොහොම කොහොම හරි යන දවසේ උදේ වෙනකොට යන්න ඉතුරු උනේ 14 දෙනයි. මේ වෙලාවේ අපේ ගොන් මැක්කව, මනෙක්ව, හසිත්ව අනිවා මතක කරන්න ඕනේ. මුන් ලංකාවේ හිටියනම් අනිවා එනවා. ආයෙ දෙකක් නෑ. මොන වැඩේ තිබුනත්. (පොල් ඇට්ටිය, මාළු පාන් එහෙම ආදරයෙන් මතක කරනවා මේ වෙලාවේ දුන්න පොලු වලට.)

පසුව  එකතු කරන ලදී. (දිලුමට ස්තුතියි)
ඔය පොලු දුන්න අය අතරේ හාල් දෙන්නම් පොල් දෙන්නම් කියපු අයත් හිටියා. ඔය හාල් දෙන්නම් කියපු එකා (නමින් බෝක්කුව) නිකන් මුලින් කතාකාරේ ඌ තනියෙන් හරි යන විදියට අන්තිමට ඌත් නෑ. උගේ හාලුත් නෑ. නොදකින් මෙහෙම හැත්තක්..

ඔය ඉන්නේ අන්තිමට ඉතුරු උන සෙට් එක.

 
  1. නමින් “පැටිය” වැඩ වලින් “මහා එකා” දෙය්යනේ කියල එදා මෙදා තුර අතීතයේ කෑලි වලට ට්‍රයි කරන එකනම් නොනවත්වා කරනවා. දැන් පොඩි ජිල්පුටුස් එකක් සෙට් වෙලා ඉන්නේ.  හොදට සින්දු එහෙම කියන්න පුලුවන් ජොකියෙක් මූ.
  2. නමින් “කජ්ජ” නොහොත් ට්‍රිප් එකේ “මෑන් ඔෆ් ද සීරිස්” වැඩිය බයිට් වෙන්න නම් බෑ. කට්ටිය වැඩිය බයිට් කරන්නෙත් නෑ. (“දෙපාරකට වඩා ඇඩුවේ නෑ ට්‍රිප් එකේදී”) මු කවද හරි මැරෙන්නේ කනක් කුණුවෙලා. මොකද දවසෙ පැය 24න් 19කට වඩා පොන් එක කනේ. මෙයා ගැන කලින් පොස්ට් එකක් තියනවා. ඒක මෙතනින් ගිහින් බලන්න.
  3. ඔය මගේ අයිය කාරය. මම වැඩිය මුකුත් නොකිය ඉන්නම්. සහෝදරකම් ගහල යනවා මොනවත් කිව්වොත්.
  4. මේ නමින් “දමිත්” ඒත් හමෝම දන්නේ “කොටා” කියන ආදර නාමයෙන්. දුවන්න එහෙම හරි හපන. ඔය තරගය දිනන්න, ලයින් එක “කවන්ද” කොටස පහු කරන්න ඕනේ කියන නිතිය තමා මුට කෙලෙව්වේ. මොකද සාමාන්යෙන් ඕනෑම රේස් එකක මුට තත්පර 6-7කට කලින් “කට” ඉවර කරනවා. දිනන්න කට පහු කරාම ඇති කිව්වනම් මූ අනිවා ඔලිම්පික් ගෝල්ඩ් ඒක ලංකාවට ගේනවා.
  5. නමින් “පූට්ටුව” නමින්ම ඩයල් එක කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ. දෙය්යනේ කියල දත්ටික නැත්නම් රෑට යකෙක්ට වත් හොයාගන්න බෑ. සුරාවෙන් සුදුවෙන් තොරයි. මෙලෝ රහක් නෑ. අපේ සෙට් එකෙන් මුලින්ම බදින්න ඉනෙනේ මේක තමා.
  6. මේ ඉන්නේ හෂුලය. හාමු මහත්තය පාට් 2. මගේ ගජය. මු ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
  7. මේ ඉන්නේ අපේ සෙට් එකේ නළුවා. නමින් යාමිත. මෙයාව ඔය හොරණ පැත්තේ ඉන්න අය හොදට දන්නවා. මොකද මෙයා ඉන්න ලොකු කට්-අවුට් එකක් හොරණ ගහල තියනවා. මේ ලගදි “GO” මැගසින් එකෙත් පොටෝ එකක් ගියා කියල රට්ටු කියනවා. ඇත්තද දන්නේ නෑ..
  8. මේ “මෝලා”. නමට ගැලපෙන වැඩ. වැඩට ගැලපෙන නම. සාමාන්යෙන් මිනිහෙක්ට තියෙන්නේ එක බුරියයි(ඔව ඔව නාබිය තමා.. ඔය බඩේ තියෙන්නේ) හැබැයි මුට බුරි තුනක්ම තියනවා. කොහොම ආවද කියල අපිනම් දන්නේ නෑ. අලියෙක වගේ හිටියට බියර් එකක් වත් බොන්නේ නැති චොර පොරක්.
  9. මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්. කට්ටිය දන්නවනේ කොල්ල ගැන.. ආයේ මොන කතාද?? හිකි හිකි
  10. මේ ඉන්නේ “ශැගිය” මුගේ බල්ල “ස්කුබී” පැනල ගිහින් සාංකාවෙන් ඉන්නේ. බැලුවොත් ඇත්නම් මු හදන්නේ “පොරක් අල්ලන්න” (ටියුබ් ලයිට් අය හෙමිට අහන්න මොකද්ද ඒ කියල.) මුහේ මාම රට ඉදන් මුට ගෙනල්ල පොන් එකක්. සුදුම සුදු පාට පොන් එකක් හාට්, සමනල්ලු ලයිට් පත්තුවෙන චයිනීස් එකක්. අර අවරුදු 5-6 පොඩි කෙල්ලෙකුට ලයිට් පත්තුවෙන පොන් එකක් දුන්න වගේ. මෙයාගේ ලිංගය ගැන තාම පොඩි සැකයක් තියන නිසා උප්පැන්න සහතිකයේ ඒ තීරුවේ ජාති දෙකම ලියල තියනවා කියල තමා ලෝකයා කියන්නේ.
  11. මේ “නදිශය”. මු ශැගියගේ කසිය... මුගේ තාත්ත තමා අරුට බඩු පොන් එක ගෙනල්ල තියෙන්නේ. පේර කැම්පස් එකේ ඉගෙන ගන්නේ. නුවර පැත්තේ හස්බන්ඩ් රට ඉන්න ඇන්ටිලා මෙයාට ගොඩක් ආදරෙයි කියල තමා රට්ටු කියන්නේ.
  12. ඔය ඉන්නේදිලුමනොහොත් හාමු මහත්තය. බිව්වට පස්සේ  කබ්බ දාන්නේ එහෙම නෑලු. කවදාවත් බිව්වට පස්සේ  “මචන් නින්ද යනකල් පිට පොඩ්ඩක් අතගාපන්කෝ..කියල කියන්නෙත් නෑලු. හිකි හිකි.
  13. මේ ඉන්නේ “චූව”. නම හැදිච්ච හැටි නම් අහන්න එපා. මූ ඉන්න හැම තැනම මී දුම වගේ. කලින් ට්‍රිප් එකේ නොනවත්වා සුරුට්ටු පත්තු කරලා තියපු රෙකෝඩ් ඒක කඩන්න පුළුවන් උටම විතරයි. අපිනම් ලොවෙත් ට්‍රයි කරන්නෙත් නෑ.
  14. මේ “නදුන්” කිසි සද්දක් බද්දයක් නෑ. ඉන්නවද නැද්ද කියලත් නෑ. අපේ මෝල එක්ක මුගේ පොඩි “පොරක්” තියනවා කියල තමා අහවල්ලු කියන්නේ. ඔය අහවල්ලු කියන කතා විස්වාස නොකරත් බෑ අප්පා...

ඔන්න ඔහොම සෙට් එකක් තමා අපේ ගමනට යන්න සෙට් උනේ. එක එක ජාතියේ මිනිස්සු ටිකක්. ඔයිං මෙයින් ගමන යන දවසේ උදේ එලි උනාලු....

ඉතුරු ටික ඊලග කොටසින් බලාපොරොත්තු වන්න...


ප.ලි. :
තාම කිසි ජොලියක් නෑ කතාවේ. මොකද තාම බෝතලයක් කැඩුනේ නෑනේ. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

මේ මම ට්‍රිප් එක ගිය උන්ට කියන්නේ. තාම දවස එලබුනා විතරයි. එතනට එනකල් විතරක් මිස් උන කතා දාපල්ලා පල්ලෙහායින්... මම ඔක්කොම දැම්මේ නෑ. බොලලටත් දෙයක් ඉතුරු කරා. දැන් ඉතින් දාපල්ලා කොමෙන්ට්.

12 ප්‍රතිචාර:

Malupan said...

yakooooo.... mama ekenma kiwwa mama enne naaa kiyalaaa!!! mama polu thibbe nathoooo!!!

ADK කොලුවා said...

කිව්වා හෝ නැතා හෝ ආවේ නෑ කියන්නේ පොල්ලක් තමා...

Malupan said...

he he he...... ehema wenne kohomada!!!!
ado polattiyage trip ekee advance refund karapan!!!! hikz
anika ubalaaa, api amaruwen match gahala dinapu vodka bothalaya thaniyama biwwa nedaaa!!!

Dilum said...

Maru description tika!!!
Ubata lokuma polla amataka wela...kawda pora "BOOKUWA"

Unknown said...

මට නිකන් එල්කිරිස් වගේ පේනවා ඉදිරියේදී මේ කතාව ඉතාමත් උද්වෙගකර වීමට ඉඩ ඇති බව.. ;) ;)

Damith said...

පොල් ඈට්ටිගෙ පොල් ගෙඩි ටික නන් සුපිරි නේ.......!!!!!!
chameera ගෙ නම වෑටිල නෑ නේ
මෑන්ස් ලන්කවෙ හිටිය නන් වුත් එනවා ෆුල් සුවර්......

ප්‍රසංග said...

එහෙනම් පලවෙනි බෝතලේ කඩමු බලන්න....

Pramod said...

අර අංක 9 ගැන කියනවනම් අ ඉන්නේ අපේ ADK කොල්ල... හැමෝම ආදරේට කෙයන්නේ බූරුවා කියල... නම හැදිච්ච හැටි නම් අහන්න එපා... ඔන්න මචෝ තිබ්බ එකම අඩුපාඩුවත් මම පිරෙව්වා...
පට්ට කතාව මචන්... ඉතුරු ටිකත් ලියපන්, අපි අඩුපාඩු හදන්නම්... ජය...

Unknown said...

හරි මගේ පුතේ.... යට අන්දුම විතරයි මූ ඉතිරි කලේ.. දැන් එකටත් වැඩේ දෙන්න යන්නේ :S මුහුදු වෙරල ගැන නම් දාන්න එපො!!!

Maxworth said...

adoooo mama irisiyawen palenawa yakooo.... ela ela trip eka gana wadiyenuth ekka danaganna puluwan..

සංකල්ප said...

මම නම් පොඩිම කාලේ ගිහින් තියෙනවා.
දන් නම් මතකත් නෑ.ආයෙම යන්න සෙට් වෙන්නේ නෑනේ.

පොඩි මෑන් said...

ඉස්කෝලෙන් පස්සෙර්.. ස්කෝලෙ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් යනව කියන්නෙ ලෝකෙ තියෙන ආතල්ම වැඩ වලින් එකක්..

Post a Comment