Monday, July 4, 2011

ජීවිතය සහ සල්ලි - Life vs Money

අද ලියන්න දෙයක් හිතනකොට මට හිතුන පොඩි ටිප්ස් ටිකක් කියන්න ඕනේ කියල. මේක මට ආවේ ගොඩ කාලෙකට කලින් ඊයකින්. ඒත් මේ ටික මගේ ඔලුවේ තිබුන තදටම.. 

එකේ තිබුනේ ජිවිතේ සහ සල්ලි කියන දෙක සම්බන්දව හොද ටිප්ස් ටිකක්. මම ඒ ටික සිංහලෙන් ඔයාලට කියන්නම්..



1) අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ.. 

2) අපේ ජිවිත කාලය ඇතුලත වියදම් කරන්න බැරි තරම් සල්ලි හොයන එකේ කිසිම තේරුමක් නෑ..

3) සල්ලි කියනන් දේ අපේ වෙන්නේ නෑ, අපි ඒ සල්ලි වියදම් කරේ නැත්නම්. එක්කෝ ඒ සල්ලි බැංකුවේ, නැත්නම් සේප්පුවේ.. අපේ නෙමේ..

4) අපි අපේ තරුණ කාලේ, සල්ලි පස්සේ යන්න අපේ තාරුණ්‍ය වැය කරනවා. අපේ මහලු කාලයේ අපි හම්බ කරපු සල්ලි වලින් ආයෙත් තාරුණ්‍ය ගන්න හදනවා. නමුත් අපි පරක්කුයි කියල තේරෙන්නේ එතකොට තමා..

5) අපිට කාලය ගත කරන්න විදියක් නැති අය වෙනුවෙන් මුදල් හොයන්න කාලය ගත කරන එක තේරුමක් නෑ..

අනේ මන්ද මම හරිද කියල. මේ ටික මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරපු ටිප්ස් ටිකක්. ඔයාලටත් මේ ටිකෙන් ජිවිතයට ගන්න දෙයක් තියේවි කියල හිතෙනවා.

17 ප්‍රතිචාර:

චතුමිතු said...

ඔව් හරියටම හරි ගොඩක් මිනිස්සු සල්ලි පස්සේ විතරක් හබා ගෙන ගිහින් විදින්න තියෙන ජිවිතේ විදවනවා නේ..(ADK ට උදේ පාන්දරම මෙච්චර අගනා උපදෙසක් ලබා දෙන්න හිතෙන්න තරම් මොකක් හරි ජරමරයක් වෙලා ..:))

සාතන් said...

අනේ මන්ද මට නම් තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි සල්ලි වලට මේ තරමටම කෙණහිලි කම් කරන්නෙ කියල...

Unknown said...

මොකෝ මේ උදේ පාන්දරම උනේ...මොනව උනත් ඉතින් වැදගත් උපදෙස් සෙට් එකක්.
මේක තමා සිරාම ඒක " අපේ සීමාසහිත ජීවිතය, අසීමිතව සල්ලි හොයන්න හොදවන එක කිසිම තේරුමක් නෑ."

සංකල්ප said...

මේ දේවල් ටික නම් ගොඩක්ම වටිනවා. ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි. ඊට වඩා දේවල් මේ ජීවිතයේ තියෙනවා.

මුලු ජීවිත කාලය තුලදිම සල්ලි විතරක්ම හම්බ කරන මිනිස්සුන්ට තියෙන්නේ දුක විතරයි. කිසි සතුටක් සැනසීමක් නෑ.

සල්ලිම හම්බ කරන කොට වහල්ලු වගේ වැඩ කරන්න වෙනවා. ඒ නිසා හැමදේම ගානකට තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.

අපි වැඩිම උනොත් අවුරුදු 90ක් ජීවත් වෙයි. ඒ නිසා සල්ලි හොයනවට වඩා ජීවිතය විඳින්න සතුටු වෙන්න. පුරුදු වෙන්න ඕනේ.

ADK කොලුවා said...

@ චතුමිතු : කතාව ඇත්ත මචං.. උදේ පාන්දර මට සල්ලි තිත්ත උනා බං.. එකයි.. එක පොඩි කතාවක්. ඉස්සරහට පොඩ්ඩක් පල වෙන්න දීල එකත් දාන්නම්..

ADK කොලුවා said...

@ සාතන් : උබ ඉතින් ඩේ ට්‍රේඩර් නේ.. බෝල කොහොමත් සල්ලි පස්සේ තමා යන්නේ.. හිකි හිකි...

ADK කොලුවා said...

@ ChammA : උබටත් කියන්න තියෙන්නේ මම චතුමිතු ට කියපු දේම තමා.. උදේ පාන්දර මට සල්ලි තිත්ත උනා බං.. එකයි.. එක පොඩි කතාවක්. ඉස්සරහට පොඩ්ඩක් පල වෙන්න දීල එකත් දාන්නම්..

සාතන් said...
This comment has been removed by the author.
ADK කොලුවා said...

@ මධුරංග : සල්ලි කියන්නේ ජිවිතේ කියල හිතන ඉන්න මිනිස්සු ලෝකෙ අනන්තවත් ඉන්නවා මචං. නමුත් ඇත්ත තේරෙනකොට එයාලට ගොඩක් පරක්කුයි කියලත් තේරෙයි. අපිට මිනිස්සුන්ගේ මොළ හදන්න බෑ. ට්‍රයි එකක් දෙන්න විතරයි පුළුවන්...

ADK කොලුවා said...

@ සතන් : මගේ කලින් පොස්ට් එකට උබ දාල තිබුනේ

"ඩේ ‍ට්‍රේඩර්ස්ලට උන් මුන් කියල කථාකරන්න එපා හරි... තදවෙනව.... ඇඩ්වයිසර්ලට එහෙම කියපන්... මට අද උන්ව මරන් කන්න කේන්තියෙන් ඉන්නෙ..."

ඉතින් මට හිතුනේ උබ ඩේ ‍ට්‍රේඩර් කෙනෙක් කියල... අෆෝයි... උබ උබටම බනින්න කියලද මට කිව්වේ???

සාතන් said...

අන්න උඹ පටලගෙන... මම සල්ලි වලට බනින්නෙ නෑ.. ඒකෙ තේරුම සල්ලි පස්සෙ දුවනව කියන එක නෙමෙයි... සල්ලි හම්බකරනව... වියදම් කරනව... ඉන්න ටික ෆන් එකේ ඉඳල මැරෙනව...

සාතන් said...

මම ඔෆීෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි මචන්.. මට මාර්කට් එකේ සෙල්ලම් කරන එක ෆන් එකක්... ඒකෙ ‍‍ප්‍රොෆිට් එකක් එනවට වඩා ආතල් එකක් තියෙනව

ADK කොලුවා said...

@ සාතන් : ඒක නේන්නම් මමත් කියන්නේ.. ඔය ටිප් 5න්ම සල්ලි එපා කියන්නේ නෑ. කියන්නේ සල්ලි ඒ විදියට හම්බ කරන්න ඕනේ, වියදම් කරන්න ඕනේ කියල.

මාර්කට් ඒක ෆන් නම් තමා. මේ උබට පුළුවන් නම් මේ දවස් වල ගන්න හොද බාන්ඩ ටිකක් මට ඊයකින් දාපන්කෝ.. ලාබ තියන ඒවා.. anjana_kulasinghe@yahoo.com

Ruwa said...

Common Anja....!!!
Ethi yaaanthan..... Denwath Hitanna Aragena.....

Kollata Mokak hari Awl Sahagatha deyak udema wela wage.....

සිතුමි ප්‍රියංගා said...

ඔව් සහතික ඇත්ත. ජිවිතේ සල්ලි පසුපස ගිහිල්ලා හති වැටිලා හැරිලා බලන විට ඉතුරුවෙන්නේ කලකිරීමක් , වෙදනාවක් සහ හිස්බවක් පමණයි මම හිතන්නේ.
අපේ ආදරණීයන් අපේන් ඇත්වෙලා. ජිවිතේ ලැබිය යුතු විදිය යුතු ගොඩක් දෙවල් අහිමි වෙලා.
මම දකින , මම හිතන විදිහටනම් සල්ලි නොවෙයි අපි අපේ ජිවිතයේ ලබාගන්න උවමනා හිතේ සතුටයි. මොකද ඒ හිතේ සතුට නැතිව ජිවත් විම ජිවිතයේ විදිමක් නොව විදවිමකි.

Adikaram Express said...

සල්ලි එනවා...යනවා...ආයෙත් එනවා...
ඒත් ජීවිතේ... එනවා...යනවා...හැබැයි ආයෙත් එන් නෑ...

Anonymous said...

jeewithe sathuta dakina widiya pudgalayagen pudgalayata wenas nisa thaman dakina sathuta athvidinna puluwan tharamata salli hoyana eka thamai nuwanata huruma de. Ibema satutath labenawa salli maththe nahenna oneth na! great post!

Post a Comment