Thursday, July 14, 2011

කොළබ ආසන්නයේ බ්ලොග් කරුවන් සූ... ගා අද සෙට් ඌ වගයි....


කොළබ ආසන්නයේ සිටිනා බහුතරයක් බ්ලොග් කරුවන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් ඉතා අමාරුවෙන් සෙට් ඌ වගයි.

කට්ටිය සෙට් වෙනවා කිව්වම මම කොලුවත් ගියා මොකද ඉතින් ලොකු ලොකු බ්ලොග් කාරයෝ සෙට් වෙලා පොඩ්ඩක් අනුමත වෙලා එහෙම එන්න හිතාගෙන. උදේම මගේ වයිපරේවත් දාගෙන මම කොලුවාගේ පොඩි වාහන කට්ටෙන් ගියේ නැතා ගෝල්ෆේස් එකට. 

දුන්න කෝල් එකක් දිලිපයට 

" මචං මම මේ මට දැනෙන දේ.... ලියන ADK කොලුවා කතා කරන්නේ. උබල කොහෙද??"

"අහ්හ්.. මචං ගෝල්ෆේස් ඒකේ අර පාලම තියන තැනට වරෙන්. අපි එතන ඉන්නවා."

මමත් ගියාලු ඉතින් එතනට. පාලමේ හෙන සෙට් එකක් ඉන්නවා. මට නිකන් පික්සු වගේ. ඇයි ඉතින් මම කාවවත් දන්නේ නෑනේ. එතැනදී ආයෙත් කෝල් එකක් දුන්න. 

"කෝ මචං උබ." 

"ඔතන හිටපන් මම කළු කිට් එකක් ඇදන් ඉන්නේ. මම එන්නම්."

මෙන්න බොලේ ඈත ඉදන් එනවා කෙට්ටු සුදු ජොන්ටෙක්. 
"හලෝ මචං මම දිලීප."

"හලෝ හලෝ.."

වරෙන් කට්ටිය අතන ඉන්නවා. මමත් ඌ පස්සෙන් ගියේ නැතා.. අම්මට සිරි සූ.. ගාල තව 5 දෙනෙක් ඉන්නවා. මට පොලව පලාගෙන යන්න හිතුන. දැන් ඉතින් ආයෙත් යන්නය කියලද?? ඉතින් ඉවසන් හිටිය. ඇවිල්ල ඔය නෙයෙකුත් වල් පල් සහ දැන ඇදුනා ගැනීම් මෙන්ම දිලීප, උදිත සහ නගාගෙ මඩ සමග (මම සාමාන්යෙන් ගොඩක්ම බොක්කවල් වලට ඇරෙන්න මඩ ගසන්නේ නැති නිසාත්, මේ සෙට් එක තවම මගේ ගොඩක්ම බොකු නොවන නිසාත් මම ඔය මඩ ගැසීමෙන් වෙන්ව සිටිමි. නගා, ඉෂාර සහ චාටර් කොලුවා ඇති තාක් මඩ ගසනු ඇත.)  ටික වෙලාවක් හිටිය.  ඔය අතරේ තමන් ගැන, තමන්ගේ බ්ලොග් ගැන, බ්ලොග් කෙරුවාවේ ඉතිහාසය ගැන කට්ටිය තම තමන් හදුන්වා දුන්න.

වැඩේ කියන්නේ චැට් ඒකෙ බල්ටි ගහන චාටර් කොල්ල නිකන් පෝය දවසේ සිල් අරන් වගේ.. කිසි සද්දයක් නෑ (වැඩි දුරත් මඩ සදහා මම අනිත් අයට ඉඩ තබමි).

කොහොම කොහොම හරි මම තමයි එතන හිටිය ලොකුම(වයසෙන් වැඩිම) ජෝන්ට. ඔන්න ටිකකින් තවත් හීන් දෑරී හුනෙක් වගේ ජොකියෙක් පාත් උනා. මු සුලගිල්ල ලියන පවිය කියල පස්සේ දැනගන්න ලැබුන.
මුගේ බ්ලොගය වගේම මු චාටර් බුවෙක් බව කට්ටියගේ කතාවෙන් තේරුණා.

කට්ටිය හිටගෙන උස යන්න වගේ ඉදිල්ලේ වැඩක් නැති නිසා ගියා පොඩ්ඩක් ඇවිදන් ඉස්සරහට. ඔතනදි මගේ හක්කේ තිබු ගැලවෙන්නට තිබුන දත් දෙකක් විතර කිසිම අව්ලක් නැතුව ගැලවුනා කියලනම් කියන්න පුළුවන්. 

නගා, වයිපරේ

 මේ අස්සේ වයිපරේ සමග නගා රැල්ල පාගන්න ගිය අතරේ, එතන හිටිය ලස්සන පිට්ටුවක් වැනි අක්ක කෙනෙක් තමාගේ රතු පාට බින්දු බින්දු වැටුන හැඩකාර සුදු යට ඇදුමේ වැඩි හරියක් අපිට පෙන්නන්න තරම් නිහතමානී උනා. අපිටත් ඉතින් ගෝල් ෆේස් ඇවිල්ල පාර දිහා බලන්න ඉන්න බැරි නිසා මුහුද දිහා බලන් හිටිය ඇරෙන්න අර අක්කගේ යට අදුම දිහා ඇහක් ඇරලා බැලුවේ නෑ කියල මම එක හෙලා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඉස්සෝ වඩේ, කකුළුවෝ වඩේ සමග බිමට කෝක් අරන් මගේ හක්කේ දත් ගලවාගැනීමේ පිනට ලබන ආත්මේ මාව කක්කුට්ටෙක් වී හරහට යන්න හෝ ඉස්සෙක් වගේ අපද්‍රව්‍ය ඔලුවේ තබාගන්න හෝ බැරිම උනොත් අඩුම ගානේ වඩයක් වෙන්න වත් මේ පින් හේතු වාසනා වෙන්න කියල කියන්න අපේ දිලීප අමතක කරේ නෑ.

1.චාටර් කොලුවා, 2.උදිත්, 3.පවිත්‍ර, 4.මලිත්, 5.දිලීප, 6.මම කොලුවා, 7.වයිපරේ
පින්තුරය නගා විසින් ගන්නා ලදී.

යුවතියන් දෙදෙනා රැල්ල පාගා පැමිණි නිසා අර අක්කගේ රතු බොල බෝල යට ඇදුමට ටටා කියපු අපි අකමැත්තෙන් ගෝල්ෆේස් පාලම දිගේඉස්සරහට අදුන. පස්සේ පොඩි පින්තුර කෑලි ටිකක් ගහන්නත් අපි අමතක කරේ නෑ. ඔය අතරේ කොට සායක් ඇදගෙන ගෝල්ෆේස් බලන්න ආව තවත් අක්ක කෙනෙක්ට කුපාඩි හුලග කරපු නොහොබිනා වැඩේ ඇස්දෙකෙන් දකින්න තරම් අපි පවු කාරයන් උනා කියල දුකෙන් උනත් මට කියන්න වෙනවා. (ඒ අක්කනම් අදුරු පාට වලට ගොඩක් කැමති කියල අපිට තේරුනා)

තව දුරටත් මේ නොහොබිනා වැඩ බලන් ඉන්න බැරි නිසා අපි ගෙවල් වලට යන්න කැපුන. මම මගේ වාහන කට්ටේ අපේ නගාව දාගෙන ආපු එකට මේ වෙනකොටත් හම්බානක කතා හැදිලා ඇති කියල මට දැනෙනවා. මොනවා කරන්නද කුජිතයන් අතර ඉන්නවනම් මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. 

ඔය එන ගමන් වයිපරයට සහ නගාට අයිස් ක්‍රීම් කෑමේ දොළ දුකක් ඇති වීම හේතුවෙන් මගේ තවත් දතක් ගැල උන බව දත් රහිත කටක් ඇති මා දුකින් පවසමින් පොස්ට් එක ඉවර කරනවා.

ප,ලී. : අප්පට සිරි නගා කිව්වා එයා මේකට ආවේ නෑ කියල. මේ මම පොස්ට් ඒකෙ නගා කියල දාල තියන තැන් කිසි එකක් ඔයාල දැක්කේ නෑලු හොදේ.. ඔන්න නගා අද ආවේ නෑලු. එයා හෙට තියන විබාගෙට පාඩම් කරාලු ගෙදර ඉදන් දවසෙම.. හිකි හිකි...

29 ප්‍රතිචාර:

කිඩෝ said...

හි හි බොලා ගෝල්ෆේස් ගියේ ඕවා බලන්නද බොල මම දන්නවා සුළැගිල්ලාගේ ඊලග පෝස්ට් එක තමු සුදු යට ඇදුමේ රතුපා‍ට‍ බෝල ‍බෝල... (මූ යට ඇදුමට කෙලින්ම @$ටි# කියලා දායිද දන්නෙත්නෑ)

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලියල තියන විදිහට නිකන් ඔතන හිටියා වගේ දැනෙන්නේ

බොළද ආදරය said...

මැක්සම ලියලා තියනවා ... ඒත් අද පෝය දවසේ දැකපුව තමයි හරි නැත්තේ

ADK කොලුවා said...

@ කිඩෝ : අයෙ දෙකක් නෑ. මු පෑ---ය කියල දානවා...

@ buwa : බොහොම ස්තුතියි. හැබැයි ඇත්තටම හිටියනම් තමා අපිට ගොඩක් සතුටු. කට්ටිය සයිබ අවකාශයේ සෙට් උනාට. ඇත්තට සෙට් වෙලා නෑනේ.

ADK කොලුවා said...

@ බොළද ආදරය : මොකෝ හොද නැත්තේ, අපි දැකපු දේවල් ධර්මයට අනුකුලව ගත්තේ.

නව දොරකින් කුණු පිටවෙන මේ කුණු සරීරය ගැන අපේ කිසිම බැදීමක්, ආශාවක් නෑ. (හැබැයි රතු පාට බෝල බෝල තියන සුදු යට ඇදුම් වලට නම් අපි ආසයි.. හිකි හිකි)

රත්ගමයා said...

යකෝ ගෝල් ෆේස් එකේ යට ඇදුම් දන්සැලක් වත් තියෙනවද අද??

අනූ said...

ane mata dukaaai :( :(

ADK කොලුවා said...

@ රත්ගමයා : දන්සලක් නම් මම දන්නේ නෑ, හැබැයි ප්‍රධර්ශනයකට සමාන දෙයක් තියන පාටයි මට තේරෙන්නේ..

ADK කොලුවා said...

@ කඩේ හාමිනේ : ඔයා ආවේ නෑනේ අනේ.. එන්නනේ තිබුනේ.. අයියෝ...

සිත් අහස said...

හලේ මම දන්නෙවත් නෑ.. ඉහි ඉහි....

සිත් අහස said...

මාව දන්නවද දන්නෙත් නෑ.. :P හී හී

දේව් ගේ අඩවිය said...

වයිපරෙත් එක්ක ගිහින් මු බලලා තියන ඒවා අනේ................

pavithra weerapperuma said...

ඉහික් ඉහික්... බූල බූල මෙව්ව එක දැක්කට මොකො අර අනික් අක්කගෙ මෙව්ව එක බලන්ට මට පින නැති උනානේ ඕන්... ඉහික් ඉහික්

සාටර් said...

මම හලි අහින්සකයා (හිටෆල්ලකෝ පෝටුවක් දානකන් අහින්සක බව පෙන්නන්න :) )

නඟා said...

වයිපරේ වයි මාවයි රැලල පාගන්න යැව්වේ ඕකට තමයි එනම්. හිටුකෝ අක්කන්ඩිට කියන්න, හිකි හිකි හිකි නඟා ඇත්තටම ඕකට ආවද? මරන්න එපයි ඔය කෙල්ලව. හෙට විභාගෙ නේද? ගෙදර ඉදන් පාඩන් කරන්න දන්නෙ නැද්ද? ආහ්? මං අහන්නෙ ඔහොම යනවද රවුන් ගහන්න විභාගෙට කලින් දවසෙ වෙන කෙල්ලෙක් නං? :ප් :ප් :ප්
අයියගෙ හක්කෙ තව දත් නෑ නෙ වැරදිලාවත්? එහෙම තිබුනා නං පවියට කියල ඊලග පෝයටත් තව ඉවෙන්ට් එකක් දා ගනන් තිබුනා.

අර රතු පාට බෝල බෝල ඇන්ට්ව දාලා එන්න බැරුව නේද දිලියා ඇඩුවෙ?? ඇහ්???

සංකල්ප said...

ඇඟිල්ලට ඔය ටිකට් ඇති නේ කතාවක් ලියන්න්. එහෙනම් කතාවක් ලියාවි. අපරාදේ ගම්පහ එවුන් සෙට් වෙන්නේ නෑනේ. එහෙම ආවා නම් මටත් සෙට් වෙන්න තිබ්බා.

Maleth Kushan said...

අනේ දෙයියනේ මේ දුක අහපල්ලා...
කෝ ඇහිලා නෑ, කමක් නෑ, ඕන දිලීප ගිහින් අර මල් මල් තියන එක්කෙනාට නම්බර් එක දෙන්න ගියේ නෑ!

ADK කොලුවා said...

@ ප්‍රාර්ථනා : ඔයා ඊලග එකට එන්නකෝ..

ADK කොලුවා said...

@ දේවා ගේ අඩවිය: බැලුවේ නෑ බන දැක්ක... හිකි හිකි..

ADK කොලුවා said...

@ සුළඟිල්ල | pinkie : පින පෑදෙයි කොලුවෝ... ඔහොම යමුකෝ...

@ චාටර් කොල්ලා : දාපියකෝ බලන්න....

සුපර් මාරියෝ said...

කොහෙද අයියෙ තිබ්බෙ කට්ටිය සෙට් වෙනවා කියලා... ඔයා ඩිග්‍රය ගත්තෙත් ඊයෙ පෙරේදා නේද.. බැදලත් ඉවරද.. :D

ADK කොලුවා said...

@ නඟා : අපි යැව්වේ නෑනේ. ඔයාලානේ ගියේ... ඔයා ගියී නෑනේ, මගේ පොස්ට් එකේ නගෙක් නෑනේ.. ලොල්...

@ මධුරංග : ගම්පහ උන් සෙට් වෙන්නේ නෑ බන. වරෙන් අපි එක්ක සෙට් වෙන්න...

@ මලියා : නෑ නෑ.. නොම්බරේ දෙන්න ගියේම නෑ. හිකි හිකි

සාතන් said...

බොලා තනියම සෙට් වෙලා නේද?...

@මධුරංග: අපි සෙට්වෙමු බන් ගම්පහට.. අදත් දවල් ඉඳන් හිටියෙ ගම්පහ..

vino said...

ahhh anjana aiya mage yaluwek meet unalu neda oyata...mata shiroo qwa.man onna oyalage 4toz ehema dekke nalu...lol

Unknown said...

gaththa fun thama mathak wela hina yanawa..
aththatama koluwa karagaththa pinen labana athme kakuluwek wela hari ipadenna oni kiyala mama ekama eka bathi sithin prarthana karanawa

ADK කොලුවා said...

@ සාතන් : තනියම නෙමේ බං, සූ ගාල 8 දෙනෙක් හිටිය. උබල සෙට් වෙන දවසට මටත් කියපන්. මමත් එනවා.

ADK කොලුවා said...

@ vino : ඔව් ඔව් හම්බ උනා... ඒ මොකෝ දැක්කේ නැත්තේ ඔය හැමතැනම තියෙන්නේ, හිකි හිකි

@ දිලීප : නොදකින් විතරක් තෝ... හිටුකෝ ඊලග දවසේ ටොපියක් වත අරන් දෙන්නේ නෑ.. ලොල්

පොඩි මෑන් said...
This comment has been removed by the author.
පොඩි මෑන් said...

අන්න එහෙම හැදියල්ලා ගාල්ලෙ උන්ගෙන් දෙයක් ඉගන ගෙන :P

Post a Comment