Thursday, July 7, 2011

සරසවි ජිවිතයෙන් පසු - තිත්ත ඇත්ත


අද මගේ පොස්ට් එක ගැන මම වැඩිය කියන්න කැමති නෑ.. මම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න මේ ගැන.. වැඩි කතා නැතුව කෙලින්ම මම පොස්ට් එක දානවා...


හිතෙන දෙයක් පහලින් කොටලා යන්න.....

31 ප්‍රතිචාර:

ශානි said...

ඒකනම් ඇත්ත දැන් ඉගෙන ගත්ත අයට වඩා ඉගෙන නොගත්ත අයට රස්සා තියෙනවා එයාලාගෙ ආදායම වැඩියි

Dilum said...

Welawa tamaii ban eka!!!!!!!!!!!!!!

Sri said...

මම දකින දේ තමයි උපාධියක් තියන අය පොඩි තැන්වලින් පටන් ගන්න කැමති නැති එක. උපාධිය කියන්නේ වැදගත් දෙයක් තමයි එත් උපාධියක් තිබ්බ පලියට ලොකු රස්සාවක් බලාපොරොත්තු වෙන එක එච්චර හොඳ දෙයක් නෙමේ. පොඩි තැනකින් පටන් අරන් ටික කාලෙකින් ඉක්මනට උඩට ආපු අය ඕන තරම් ඉන්නවා.

පිණිබිඳු... said...

සමහර වෙලාවට ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ජොබ් වලට ගිය අය අපි යන ඉන්ටර්විව් වල ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නකොට හම්බෙනවා. එතකොට නම් මාර කළකිරීමක් එන්නෙ.

සංකල්ප said...

ඒක හරි. අපිත් එක්ක එකට ඉස්කෝලේ ගිය එවුන් මෙලහකට බැදලා ලමයිනුත් ඉන්නවා. අපි තාම කම්පස් එකට වෙලා ඉන්නවා. තාම රස්සාවකුත් නෑ. අනාගතය ගන ස්තාවරයකුත් නෑ.

ඒ අතීන් ඒ කටීය මාරම වාසනාවන්තයි.
මම නම් උපාධිය ගත්තට පස්සේ ලැබෙන ඕනම තැනක රස්සා කරනවා. :)

සංකල්ප said...

ආහ් කියන්න බැරි උනා. අපිට සල්ලි විතරක්ම හොයනවා නම් එච්චර දුරට ඉගෙන ගන්න ඕනේ නෑ.හොද බිස්නස් එකක් කලාම ඇති. නමුත් උගත්කමත් එක්කම සල්ලි හොයන්න බලනවා නම් ඒකට හොදට ඉගෙන ගන්න ඕනේ.

ADK කොලුවා said...

@ ශානු : ඔක්කොටම කියන්න බෑ මචං. බහුතරයකට කියල කියන්න පුළුවන් මම හිතන්නේ.

@ Dilum : වෙලාව.. වෙලාව... අනිවා..

@ ශ්‍රී : උපාධිය එක්ක අපිට වරදින්නේ ඔතන තමා බං. උපාධිය එක්ක කට්ටිය ලොකු ලොකු ජොබ් හොයනවා... පටන්ගන්න හදන්නේ මැනේජර් කමින්,.

ADK කොලුවා said...

@ පිණිබිඳු... : අනේද කියන්නේ.. ඇඩෙනවා එහෙම උනොත්...

@ මධුරංග : උපාධියක් තිබුනට මදි අපිට හොද ආරම්බයක් තියෙන්න ඌනේ. පොඩියට පටන් අරන් අපේ දක්ෂතාවෙන් ගොඩ දාගන්න ඒක තමා හොදම. උබේ කතාව හරි මචං. උගත්කම සෑහෙන්න වටිනවා. සමහර වෙලාවට සල්ලි වලට වඩා..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඕකට හේතු දෙකක් තියනව

01) ලංකාවේ පලමු උපාධිය අවසන් කරන්න ගත වෙන කාලය , කැම්පස් ගිය එකා උපාධිය අරන් එනකොට , ව්‍යාපාරයක් වගේ කරන කෙනෙක් සැහෙන ඉස්සරහට ගිහින්



02)අනික ලංකාවේ උපාධියට ලැබිල තියන අනව්ශ්‍ය වටිනා කම , ඉතින් උපාධිය ගත්ත එකෙක් , පොඩි තැනකින් පටන් ගන්න කැමතිම නැ

හංසි said...

ඒක නම් ඇත්ත ගොඩක් කාලයක් තිස්සෙ මහන්සි වෙලා උපාධිය අරන් ගියාට රැකියාවක් නෑ. එහෙම බලත්දි උපාධියක් කරනවට වඩා හොඳයි මොනම හරි job එකක් කරන එක කියලා හිතෙන එක නවත්තන්න බෑ.

Ruwa said...

Degree eka ta wada mama hitanne experiance eka watinawa...

eth issrahata yanna qulification one..

if you have qulification + experiance Patta...

mama methana kiyanne job experiance genama newe...
ekath one, eth eeta wada social expiriance thiyenna one...
eka nathan ithin ratta aanduwata kochara bennath wedak nea.....

duliponline said...

උපාධියට සරිලන ‍රැකියාවක් එකපාරින්ම හොයන එවුං තමයි ඔය හන්දි ගානෙ බෝඩ් එල්ලං ආන්ඩුවෙං රස්සා ඉල්ලන්නෙ.
මම නං උපාදිය අරගන කරපු පලවෙනි රස්සාව රුපියල් 6000ක පඩියකට (ඕ.ටී., බෝනස් මොකුත් නැතුව) වතුපිටිවල සෝන් එකේ කොම්පැනියක රිසීවිං ශීට් ලියපු එක. මට ඕනෙ උනේ "උපාධියට-‍රැකියාවක්" නෙමේ. "මොකක් හරි" ‍රැකියාවක්. මම අද වෙනකොට මගෙ උපාධියත් එක්ක රස්සාවෙ යන්න පුලුවන් ඉහලටම ගිහින් ඉන්නෙ.

Kasun said...

ඕක නම් ලොකු ප්‍රශ්නයක් තමයි. බැංකුවල රස්සාව කරල, කැම්පස් සිලෙක්ට් වුනාම ඒක දාල කැම්පස් ආපු උන් දැන් හූල්ලනව, අනිත් උන් ගියපු දුර දැකල. ඒක ඉතින් අධ්‍යාපන ක්‍රමයෙ දුර්වලතාවයක්. අර පිණිබිඳු අක්ක කිව්ව වගේ දෙයක් වුනොත් නම් පොලොව පලාගෙන යන්න වෙන්නෙ.

ඔය උපාදියට හරියන රස්සාවක් හොයගන්න ඕන කියන එකත් එච්චර හොඳ ආකල්පයක් නෙමෙයි. එක පාරටම එහෙම අමාරුයි.

සාතන් said...

ඔහොම වෙන්න හේතු ගොඩක් තියෙනව බන්...
1. උපාධියක් ගත්ත ගොඩක් අය තමන්ට ඉහලම රස්සාවක් ලැබිය යුතුයි කියන මතයෙ ඉන්නව. මේවගේ අය උපාධිය වෙනකන් ඉගෙන ගන්නෙ ඉගෙන ගන්න උවමානාවට වාඩා ‍හොඳ රස්සාවකට තියෙන උවමනාව හින්ද

2. තව කට්ටියකට පොතේ දැනුම විතරයි... ප්‍රැක්ටිකල් නෑ... එහෙම අයට වඩා ප්‍රැක්ටිකල් දැනුම තියෙන උ/පෙ පාස් එකෙක්ට රස්සාව දෙන්න කම්පැණිකාරයො කැමතී....

3. අද ගොඩක් වැඩකරන්න පුළුවන් උපාධිධාරියො පඩියක් බලාගෙන වැඩකරන හිරකා‍රයො වෙ‍ලා.. ගොඩක් අය වැඩ කරන්නෙ උපාධියක් නැති මිනිස්සු මුල්පුටුවල ඉන්න තැන්වල.. ඒකට උපාධි නැති මිනිස්සු වැරදි නෑ...

ADK කොලුවා said...

@ buwa : උබේ පොයින්ට් දෙකටම මම බොක්කෙන්ම එකග වෙමි...

ADK කොලුවා said...

@ හංසි : ඔතන දෙපැත්තක් තියනවා... උපාධිය වැදගත්. නමුත් උපාධියක් ගත්තම, උපාධියක් ගත්ත එකෙක් වගේ මොලෙන් වැඩ කරන්න ඕනේ..

ADK කොලුවා said...

@ Ruwantha Medawatta: මචං අපිට ජොබක් ගන්න අනිවා කොළ කෑලි ඕනේ. එතනින් ඉස්සරහට යන්නයි අනිත්ව ඕනේ.. සෝෂල් එෂ්පිරිංස් වලට ජොබ් දෙන්නේ නෑ..

ADK කොලුවා said...

@ ඕනයා : ඔන්න ඕක තමයි මචං වෙන්න ඕනේ. පොඩියට පටන් අරන්, අත්දැකීම් සමග කොන්ටක්ස් හදාගන්න ඕනේ. තමාගේ හැකියාවෙන් උඩට යනවනම් පාර ඒකයි.

ADK කොලුවා said...

@ Kasun : උබ කිව්වත් වගේ උපාධියකට හරියන රස්සා හොයන්න අමාරුයි "එක පාරටම". එක සංගමයෙන්, පිලිවෙලින් කරන්න ඕනේ...

ADK කොලුවා said...

@ සාතන් : කැම්පස් ගිහින් උපාධි අරන් කෙලින්ම එන උන ගන්න ලොක්කෝ කැමති නෑ කියන එකනම් ඇත්ත. මොකද උන ආපු හැටියේ කරන්න ට්‍රයි කරන්නේ ඉල්ලීම් ඉල්ලලා කල්ලි ගැහෙන එකනේ.. මේක අපේ රටේ අද්යාපන ක්‍රමයේ වැරැද්ද බං..

Unknown said...

අනේ මන්දා ඉතින් අපේ රටේ හැම දේම පිස්සු කෙලින එකේ ඔය අංශය කියලා වෙනසක් තියෙන්න බැහැනේ..
ඉගෙන ගත්තමත් රස්සා නැහැ..ඉගෙන ගත්තේ නැති උනාමත් රස්සා නැහැ..
ඉගෙන ගත්තත් ප්‍රයෝගික දැනුම නැත්නම් එත් වැඩක් නැහැ...
අර කිව්වත් වගේ ලංකාවේ අදයාපන ක්‍රමයේ වැරැද්දකුත් සැහෙන්න හේතු වෙනවා ඔය ප්‍රශ්නෙට

මකුළුවා..... said...

මොනදේ කළත් මම නම් කියන්නේ ඉගන ගන්න ඕනේ කියලා....සමහර විට අපේ පංතිවල එකට ඉඳලා විවිධ තැන් වලදී හැලිච්ච උන් ඉන්න පුළුවන් මේ වෙද්දී උසස් අධ්‍යාපනේ ලබන අපිට වඩා සෑහෙන සල්ලිය බාගේ හොයාගෙන කසාද බැඳලා...ගෙවල් දොරවල් හදාගෙන....පිටින් ඉඳන් බලාගෙන අපි හිතනවා අඩේ මරු නේ මුංට නම් දැන් හරි ගිහින් අපරාදේ අපි කැම්පස් ආවේ ඒ දවස්වලම පොඩි ජොබකට සෙට් වුනා නම් මේ වෙද්දී අපිත් ගොඩ කියලා....හැබැයි මලේ උඹ ඒ සල්ලිකාරයාගේ ජීවිතේ පැත්තෙන් බැලුවොත් සමහර‍ වෙලාවට ඌ කියයි උඹටම අ‍ඩෝ දිගමට ඉගන ගනින් බං...අපි මෙතෙන්ට ඇවික් හිටියට අපිටත් හිතෙනවා උඹලා වගේ ඉගන ගත්තනම් කියලා.....

කිඩෝ said...

සිරා මචං මේ වගේ කතා හතරපහක්ම මේ බ්ලොග් වල ලියවිලා තිබුනා (ඇත්ත ඒවත් තිබුනා) ඉතිං තාම හිතාගන්න බෑ කැම්පස් යන්දෝ නොයන්දෝ කියලා..... (මහන්සි වෙනවද නැද්ද)

reshi said...

degree 1k kiyanne job 1ta yanna thiyena ekthara vdiyaka ticket 1k... ethanin ehata yanna oni thamange molen, thamange skills walin..degree 1k tiyenawa kiyana 1n generaly adahas wenne oni kattak kaagena wadak karanna puluwan kiyana ekane..

unfortunatly lankaawe education system 1 nisa & job market 1 nisa degree tiyena hemotama eken wadak ganna wenne naa.. loku job 1k nounath hemoma kamathi thaman igena gatta pramaneta job 1k karanna.. it's human nature..

higer studies walata giya and giya nathi dennage wenasak tiyenawa.eka koi welawe hari eliyata enawa..salli kiyanne hamadema newi.. salli and ugath kama 2ma ekata ekathu una thana thama saarthaka wenne..

ADK කොලුවා said...

@ ChammA: මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.. ලොල්ය..

ADK කොලුවා said...

@ මකුළුවා..... : මනුස්ස ස්වබාවය තමයි මචං නැති දෙයට හුල්ලන එක.. අපි සාලි නෑ කියල හුල්ලනවා. උන් ඉගෙන ගත්තේ නෑ කියල හුල්ලනවා. අන්තිමට දෙපැත්තම හුල්ලනවා. මොකද දෙගොල්ලොම මිනිස්සු නිසා...

ADK කොලුවා said...

@ කිඩෝ : බොට පිස්සුද.. කැම්පස් පල.. ගිහින් ඔලුවට දැනුම අරගනින්.. ඔලුව උදුම්ම ගන්න එපා.. ඔලුව උදුම්ම ගත්තොත් තමා කෙලවෙන්නේ...

ADK කොලුවා said...

@ reshi : ඉගෙනීමත් එක්ක මිනිස්සුන්ගේ ගතිගුණ හැසිරීම රටා, ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.. එක ඇත්ත.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක දැනට අපේ රටේ බහුතරයකට වෙන්නේ හොද පැත්තට නෙමේ. අන්න එතනයි අධ්‍යාපන් ක්‍රමයේ වැරැද්ද. අපේ අධ්‍යාපනය ක්‍රමයේ දැනුම වැඩි දියුණු කරාට මිනිස්සුන්ගේ ආකල්ප වැඩි දුයුණු කරන්න උත්සහ කරන්නේ නෑ.

කතන්දර Kathandara said...

උගතමාන ශිල්පයමයි මතු රැකෙනා!

Thoppiya said...

හරිත් නැ වැරදිත් නැ වගෙ :( :)

Anonymous said...

මමත් Campus එකක ඉගෙන ගන්න්නවා. දැන් දෙවෙනි අවුරුද්දෙ අන්තිම.මට හිතෙන්නෙ Campus එක අතුලෙ ඉන්දන් තමන් අවන්කව වැඩ කරනවානම් අඩු ගානෙ interview එකකදි ලැජ්ජා නතුව මම මෙ මෙ දේවල් කරා undergraduate කාලෙ කියලවත් කියන්න පුලුවන්. එත් දැන් Campus අතුලෙ ඉන්න ගොඩක් අය (මම දන්න තරමින්) group project එකක් උනත් group එකෙ අනිත් අය කරනකම් බලන් ඉන්නවා. තනියම කරන්න තියෙන ඒවා senior අයගෙන් copy කරනවා. රස්සවකට ගියත් degree එක කරත් අවන්කව වැඩ කරනවනම් ඉහලට යන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ.

Post a Comment