Thursday, October 13, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 2


සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මේකේ දැන් මකුළුදැල් විතරක් නෙමේ අලි කොටි වලස්සුත් ඉන්න කැලයක් වැවිලා.. හිකි හිකි 

ඔන්න එහෙනම් යාල සවාරියේ දෙවෙනි කොටස ලියන්නයි යන්නේ.. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවල එන්න. මොකද ඉන්න සෙට් එක දන්නේ නැතුව ඉස්සරහට යන එකේ හිලක් තියෙන්නේ පුළුවන්.

වැඩි කතා ඕනේ නෑ,,



කොහොමෙන් කොහොමෙන් හරි කට්ටිය කලින් කතා උනේ හෂුලගේ ගෙදර ගාවින් (බස් කාරය ඉන්නේ එතන) ගමන 5.30 වෙන කොට පටන් ගන්න. කතා උනා වගේ මම කොලුවා සහ අයියන්ඩි 5.30 වෙනකොට එතනට ආව. (මම වෙලාවට වැඩක් කරාමද කොහෙද.) පැලවත්තේ හන්දියට ඇවිත් දුන්න හෂුලයට කෝල් එකක්.
"මචන් මම දැන් මේ එන්න එලියට බහින්න හදන්නේ.." එලම කිරි අනිවා මූ තාම මුණ හොදලවත් නෑ. හිටපන්කෝ ඉතින්. ඔන්න විනාඩි 10ක් විතර ගියා. ආයෙත් දුන්න කෝල් එකක්.
"මේ අම්ම පරිප්පු එකක් හැදුව බන් ඒක දුම් දාද්දි පියන වැහුවොත් ඉක්මනට නරක වෙයිලු. හිටපන් ටක් ගාල එන්නම්. මේ නදුනය දැන් ඒවි ඌවත් තියාගනින්. බස් එක ආවනේ??"
බස් එකනම් තියනවා, එත් මූත් නෑ, නදුනයත් නෑ, වෙලාව 5.50 යාන්තන් හෂුලය එනවා කිරි කිරියට.. එල, එත් කෝ නදුනය.
"ඌ තාම මගලු. මට දැන් කෝල් එකක් දුන්න. උගෙත් අම්ම මස් එකක් හදල දීල එක ටිකක් පරක්කු වෙලා.."
කොහොමද කොල්ලොන්ගේ ලස්සන බොරු සෙට් එක...විනාඩි 5 කින් විතර මෙන්න නදුනය එනවා බයික් එකක් පියාණන් එක්ක රුන් ගාල. මු අතින් කටින් උස්සගෙන. ඇදුම් බෑග් එකයි, මස් එකයි , බොන්ගෝ එකකුයි. ආව හැටියේ ගමන පටන් ගත්ත. එල කිරි මම හිතුවේ නෑ ලොවෙත් 6.30 න මෙහා පටන් ගන්න පුළුවන් වෙයි කියල. දැන් හුරේ කියල යනවා. පැටියයි , පුට්ටුවයි ඉන්නවලු මහරගම. දෙයියනේ කියන්නේ මුන් දෙන්න  වෙලාවට එතන. බැලින්නම් පැටියට  ට්රිප් එකේ  කික් එකට රෑ නින්ද ගිහින් නෑ. ඊකයි වෙලාවට ඇවිල්ල තියෙන්නේ.

දැන් තියෙන්නේ කොට්ටාවෙන් අනිත් සෙට් එක ගන්න. කට්ටියම චුවාගේ  ගෙදර සෙට් වෙලාලු. කෙලින්ම ගියා චුවාගේ ගෙදර. බස් එකේ  ඉදන් කොල්ලෝ කෑගහනවා "චුවො වරෙන් වරෙන් යමු &^%*^&%*&@ ගෙවල් පැත්තේ මිනිස්සුන්ට කනට නිකන් මුතු වැටෙනවා වගේ  ඇති. උදේ පාන්දර කට්ටිය කුණු හබ්බ පලනවා. චුව ටක් ගාල ලොකු වතුර බුලි දෙකකුත් අරන් ආව. මුගේ ගෙදරට කොටා , ශගිය සහ නදිය සෙට් වෙලා. පිස්සු හැදෙනවා කෑම හොයාගත්ත කාලේ වගේ. දවස් 3 ටම හරියන්න එක එක ජාති. මස් , මාලු, සොසේජස් , බිස්කට් , පරිප්පු , සන්විච් එකී නිකී හුගක් දේවල්. ඔය අතරේ චුව කලින් පොරොන්දු උන ස්වීට් එහෙමත් ගෙනල්ල තිබුන. කොහොම හරි සෙට් එක දාගෙන දැන් යනවා අපේ නළුවව ගන්න. නළුවා කලින් දවසේ දුර මළගෙදරක ගිහින් කොලබ ඇවිල්ල තියෙන්නේ උදේ 4.00 ට ගෙදර ඇවිත් නාල ඇදුමක් දාගෙන 6.00 ඉදන් පාරෙලු. දැන් වෙලාව 6.40 විතර. අනේ සාදු.. ඊ ලගට හෝමාගමින් මෝලව ගන්න තියෙන්නේ. අම්මට සිරි කිව්වලු. මෝල ඩෙනිමක් ගහල මදිවට කොන්ඩෙත් ජෙල් කරලා. නිකන් මනමාලියක් බලන්න යනවා වගේ. ඔන්න ඔතනින් අපේ බයිට් කිරිල්ල ඇරබුනා.

මෝල හුරේ කියල කුණු  හරුප හොයාගත්ත කාලේ වගේ අම්මගේ ඉදන් මුනුපරාල  දක්වා මතක් කරනවා සෙට් එකේ. දැන් ඉන්නේ දිලුමව ගන්න. දමියට පින්සිද්ද වෙන්න ගොඩගමට යනකල් දිළුම දන්නේ නෑ. හෝමාගමදී කෝල් එකක් දෙන්නම් කියල කොටා කිව්වලු.

දිළුම කොටාගේ දෙමාපියන් උදේ පාන්දර ආදරයෙන් මතක් කරමින් පයින් ගාටන කොට අපි මගින් ගත්ත. ඊ  ලගට ඉන්නේ අපේ මෑන් ඔෆ් ඩ සීරිස්ව ගන්න තියෙන්නේ. ඒ කියනේ කච්ච. මූ ඉන්නේ ඩොටට පොඩ්ඩක් එහා. හුරේ කියල කොලබ ඉදන් පැය 3 ක විතර දුර. ට්‍රිප් එකක් යනවනම් කියාපු පැත්ත. ලොල්ය.

මු ගෙදරට කියල තියෙන්නේ අපේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා කියල. (මාස කීපයකට කලින් මු අපේ ගෙදර අයත් එක්ක ට්‍රිපක් ගියා. මේ සැරෙත් අපේ ගෙදර තමා විකුණලා තියෙන්නේ.) බස් එක නවත්තල අපේ කට්ටිය වැඩිය කෑගැහුවේ නම් නෑ.. 


කච්ච දුවල එනවා රයිස් කුකර් එකකුත් උස්සගෙන. මුගේ ගෙදර බත් ගේන්න ලොකු බාජනයක් නෑ කියල රයිස් කුකර් එක පිටින්ම උස්සගෙන ඇවිල්ල. ඔය අතරේ මුගේ තාත්ත ඇවිල්ල බස් එකේ අපේ පවුලේ කට්ටිය හොයනවා. කොහොම හරි ඒක ශේප් කරගෙන යන්න පටන් ගත්ත.

දැන් නග්ගගන්න උන් නග්ගගෙන ඉවරයි (කුප්ප කතා හිතන්න එපා. නග්ගගන්න උන් කිව්වේ , බස් එකට. චිකෙයිය සමනල්ලු..) දැන් බස් එකේ කට්ටිය හුරේ කියල යනවා. ඔය අතරේ එක එක රස කතා යනවා බස් එකේ. කච්ච යාලට යන පාර ඇතුලත් ගුගල් මැප්ස් ප්‍රින්ට් අවුට් ටිකක් ගහගෙන ඇවිත්. වැඩේ හොදයි උනාට බයිට් කොරන්න කියාපු වැඩේ. 
ඔය අතරේ හයි වේ එක ඇරියට පස්සේ කට්ටියම ගාල්ලට යමු කිව්වම , අපේ අයියන්ඩි "වාහන වලින් හොදේ.." කිව්වේ නිකන් අපි හයි වේ එක අයිනෙන් පයින් යන්න කතා උනා වගේ. 
කච්ච පුරුදු ඉස්සරහ සිට එකේ වාඩි උන ගමන් ඩ්‍රයිවර් අයියගේ ඕනා එපාකම් පිරිමහ ගන්න කච්චව දෙන්න තරම් අපේ අය නිහතමානි උනා. ලොල්ය.. මගදී තේ කඩේකින් නවත්තපු වෙලාවේ රුපියල් 10 ප්ලන්ටියකින් අපේ නළුවා අලුතින්ම ගත්ත 1500 කලිසම හොදගත්ත. (ඔය නළුවට උන මුල්ම අකරතැබ්බය.. තව ගොඩක් තියනවා ඉස්සරහට )

කොහොමෙන් කොහොමෙන් හරි රත්නපුරට ආව. රත්නපුරේ කාගිල්ස් එකේ නැවැත්තුව බඩු ගන්න. බඩු කිව්වේ කන "බොන " ජාති. ඔය වෙලාවේ තමා අපේ හෂුලය ෆෝම් උනේ. මු නිකන් කාගිල්ස් හොයාගත්ත කාලේ වගේ. 

දකින දකින දේ දාගන්නවා. මම කොලුවා ඉතින් ඕව දන්නේ නෑනේ. දන්නා දේ වෙන "බොන " ජාති අඩුවක් නැතුව ගත්ත. (පස්සේ බඩු මදි උනා එක වෙනම කතාවක්. කවද්ද ඉතින් අපිට බොන එව්වා ඇති උනේ.. හිකි හිකි ) ඔය අතරේ ශගිය එල්ලලා තියන මිදී තියෙන්නේ ටෙස්ට් කරන්න කියා කියා හුරේ කියල මිදී කනවා.

කාගිල්ස් එකේ උන දේවල් තව ගොඩක් තියනවා. ඒ කතා අපේ ජොන්ටන්ගෙන්ම ආවනම් වඩා හොදයි කියල හිතන නිසා මම නවතිනවා. පල්ලෙහායින් ඔය කතා ටික අපේ කොල්ලෝ ටික දිග ඇරියනම් එකින් එක.

දැන් පොස්ට් එක ගොඩක් දිගයි. තාම ගමන පටන් ගත්තෙත් නෑ... යකෝ මේකට පොතක් ලියන්න පුළුවන් වෙන කෙස් එකක් තියෙන්නේ. දැන් ඇති අදට මම කැපුන.. ඊ  ලග කොටසින් අයෙත් හම්බ වෙමු...

Sunday, August 28, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 1

අද මම කියන්න යන්නේ වැඩිය පරණ කතාවක් නෙමේ. දැනට සති දෙකකට කලින් අපි ගියා යාලේ පොඩි විනෝද සවාරියක්. අපි කිව්වේ මම සහ මගේ ඉස්කෝලේ බොකු ටික. මේක ලියන්න ටිකක් කල් ගියේ වැඩ ටිකක් වැඩි නිසා. මේ කතාව පොස්ට් දෙක තුනක් යාවි කියල මම හිතනව. අනිවා... එක දිගට වැඩිය ලියන්නේ නෑ මේ දවස වල. තරහ වෙන්න එපා...

විශේෂයෙන් කියන්න ඕනේ මේ පොස්ට් එක දාන්නේ හුදෙක් ගමනේ මතකය අලුත් කිරීමට මිසක් මඩ ගැසීමේ චේතනාවෙන් නොවෙමි(කොහොමත් මට වැඩිය මඩ ගහන්න බෑ) හිකි හිකි.

අපේ ඉස්කෝලේ සෙට් එක සාමානයෙන් අව්රුද්දකට ට්‍රිප් දෙකක් විතර යනවා. දැන් ඉස්කෝලේ ඉවර කරලා ගොඩක් කල් උනත් තාම සෙට් එක, එකා වගේ ඉන්න එක ගැන පට්ටම සතුටුයි. ට්‍රිප් එක සංවිධානයට මුල්තැන ගත්තේ වෙනද වගේම අපේ කොටා. මේ සැරේ ට්‍රිප් එක යන තැනක් හොයනකොට තමා දිලුම කිව්වේ අම්මට පුළුවන් යාල ඇතුලේ බුක් කරන්න කියල. කොහොම හරි ඔහොම ගිහින් යාල ඇතුලේ තියන බංගලාවක් බුක් කරලා එකේ දවස 3ක් ඉන්න කට්ටිය සෙට් උනා. කලින් යන්න 20ක් විතර හිටියට අන්තිමට එක එකාට එක එක වැඩ සෙට් වෙලා පොලු ගොඩක් සෙට් උනාලු.. ඔය අතරට පින්තුර ගැනීමේ උන්මාදයෙන් පෙලෙන මගේ අයියන්දඩිත් ප්ලග් උනා. මොකද යාල ඇතුලේ හොද පින්තුර ටිකක් ගන්න පුළුවන් නිසා. 

මුලින් ගමනට වෑන් එකක් සෙට් කරගත්තත් පස්සේ පොඩි රෝස බස් එකක යන්න කට්ටිය සෙට් උනා. හෂුලය කතා කරලා අපේ හොද යාලුවෙකුගේ බස් එකක් ගමනට සෙට් කරගත්ත. ෆුල් AC. ෆ්‍රිජ් එහෙමත් තියන එකක්. අලුතෙන්ම අරගෙන තාම කොහීවත් ගිහින් නෑ. දැන් කට්ටියට හෙන කික්. කොහොම හරි යන්න අන්තිම මොහොතේ (දවසකට කලින්) ඒ බස් එකට ලොකු හයර් එකක් වැදිලා දවස 10ක. මලා. දැන් මොකද කරන්නේ. කොහොම හරි කරලා වෙන බස් එකක් කතා කරගත්ත යන්න එක දවසෙන්. ඔය අතර මැද දවස් වල කලේ ඇතුලේ උයන්න දෙන්න කෑම ගන්න කඩ නැති නිසා ඒවට ඕන දේවලුත් කට්ටිය හරි හරියට සෙට් කරගත්ත. 

බුකියේ නොර්ටිෆිකේෂන් අප්පිරිය කරපු මේල් ත්‍රෙඩ් එකක් මේ සංවිදාන වැඩ වලට ගොඩක් උදවු උනා. කොහොම කොහොම හරි යන දවසේ උදේ වෙනකොට යන්න ඉතුරු උනේ 14 දෙනයි. මේ වෙලාවේ අපේ ගොන් මැක්කව, මනෙක්ව, හසිත්ව අනිවා මතක කරන්න ඕනේ. මුන් ලංකාවේ හිටියනම් අනිවා එනවා. ආයෙ දෙකක් නෑ. මොන වැඩේ තිබුනත්. (පොල් ඇට්ටිය, මාළු පාන් එහෙම ආදරයෙන් මතක කරනවා මේ වෙලාවේ දුන්න පොලු වලට.)

පසුව  එකතු කරන ලදී. (දිලුමට ස්තුතියි)
ඔය පොලු දුන්න අය අතරේ හාල් දෙන්නම් පොල් දෙන්නම් කියපු අයත් හිටියා. ඔය හාල් දෙන්නම් කියපු එකා (නමින් බෝක්කුව) නිකන් මුලින් කතාකාරේ ඌ තනියෙන් හරි යන විදියට අන්තිමට ඌත් නෑ. උගේ හාලුත් නෑ. නොදකින් මෙහෙම හැත්තක්..

ඔය ඉන්නේ අන්තිමට ඉතුරු උන සෙට් එක.

 
  1. නමින් “පැටිය” වැඩ වලින් “මහා එකා” දෙය්යනේ කියල එදා මෙදා තුර අතීතයේ කෑලි වලට ට්‍රයි කරන එකනම් නොනවත්වා කරනවා. දැන් පොඩි ජිල්පුටුස් එකක් සෙට් වෙලා ඉන්නේ.  හොදට සින්දු එහෙම කියන්න පුලුවන් ජොකියෙක් මූ.
  2. නමින් “කජ්ජ” නොහොත් ට්‍රිප් එකේ “මෑන් ඔෆ් ද සීරිස්” වැඩිය බයිට් වෙන්න නම් බෑ. කට්ටිය වැඩිය බයිට් කරන්නෙත් නෑ. (“දෙපාරකට වඩා ඇඩුවේ නෑ ට්‍රිප් එකේදී”) මු කවද හරි මැරෙන්නේ කනක් කුණුවෙලා. මොකද දවසෙ පැය 24න් 19කට වඩා පොන් එක කනේ. මෙයා ගැන කලින් පොස්ට් එකක් තියනවා. ඒක මෙතනින් ගිහින් බලන්න.
  3. ඔය මගේ අයිය කාරය. මම වැඩිය මුකුත් නොකිය ඉන්නම්. සහෝදරකම් ගහල යනවා මොනවත් කිව්වොත්.
  4. මේ නමින් “දමිත්” ඒත් හමෝම දන්නේ “කොටා” කියන ආදර නාමයෙන්. දුවන්න එහෙම හරි හපන. ඔය තරගය දිනන්න, ලයින් එක “කවන්ද” කොටස පහු කරන්න ඕනේ කියන නිතිය තමා මුට කෙලෙව්වේ. මොකද සාමාන්යෙන් ඕනෑම රේස් එකක මුට තත්පර 6-7කට කලින් “කට” ඉවර කරනවා. දිනන්න කට පහු කරාම ඇති කිව්වනම් මූ අනිවා ඔලිම්පික් ගෝල්ඩ් ඒක ලංකාවට ගේනවා.
  5. නමින් “පූට්ටුව” නමින්ම ඩයල් එක කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ. දෙය්යනේ කියල දත්ටික නැත්නම් රෑට යකෙක්ට වත් හොයාගන්න බෑ. සුරාවෙන් සුදුවෙන් තොරයි. මෙලෝ රහක් නෑ. අපේ සෙට් එකෙන් මුලින්ම බදින්න ඉනෙනේ මේක තමා.
  6. මේ ඉන්නේ හෂුලය. හාමු මහත්තය පාට් 2. මගේ ගජය. මු ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
  7. මේ ඉන්නේ අපේ සෙට් එකේ නළුවා. නමින් යාමිත. මෙයාව ඔය හොරණ පැත්තේ ඉන්න අය හොදට දන්නවා. මොකද මෙයා ඉන්න ලොකු කට්-අවුට් එකක් හොරණ ගහල තියනවා. මේ ලගදි “GO” මැගසින් එකෙත් පොටෝ එකක් ගියා කියල රට්ටු කියනවා. ඇත්තද දන්නේ නෑ..
  8. මේ “මෝලා”. නමට ගැලපෙන වැඩ. වැඩට ගැලපෙන නම. සාමාන්යෙන් මිනිහෙක්ට තියෙන්නේ එක බුරියයි(ඔව ඔව නාබිය තමා.. ඔය බඩේ තියෙන්නේ) හැබැයි මුට බුරි තුනක්ම තියනවා. කොහොම ආවද කියල අපිනම් දන්නේ නෑ. අලියෙක වගේ හිටියට බියර් එකක් වත් බොන්නේ නැති චොර පොරක්.
  9. මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්. කට්ටිය දන්නවනේ කොල්ල ගැන.. ආයේ මොන කතාද?? හිකි හිකි
  10. මේ ඉන්නේ “ශැගිය” මුගේ බල්ල “ස්කුබී” පැනල ගිහින් සාංකාවෙන් ඉන්නේ. බැලුවොත් ඇත්නම් මු හදන්නේ “පොරක් අල්ලන්න” (ටියුබ් ලයිට් අය හෙමිට අහන්න මොකද්ද ඒ කියල.) මුහේ මාම රට ඉදන් මුට ගෙනල්ල පොන් එකක්. සුදුම සුදු පාට පොන් එකක් හාට්, සමනල්ලු ලයිට් පත්තුවෙන චයිනීස් එකක්. අර අවරුදු 5-6 පොඩි කෙල්ලෙකුට ලයිට් පත්තුවෙන පොන් එකක් දුන්න වගේ. මෙයාගේ ලිංගය ගැන තාම පොඩි සැකයක් තියන නිසා උප්පැන්න සහතිකයේ ඒ තීරුවේ ජාති දෙකම ලියල තියනවා කියල තමා ලෝකයා කියන්නේ.
  11. මේ “නදිශය”. මු ශැගියගේ කසිය... මුගේ තාත්ත තමා අරුට බඩු පොන් එක ගෙනල්ල තියෙන්නේ. පේර කැම්පස් එකේ ඉගෙන ගන්නේ. නුවර පැත්තේ හස්බන්ඩ් රට ඉන්න ඇන්ටිලා මෙයාට ගොඩක් ආදරෙයි කියල තමා රට්ටු කියන්නේ.
  12. ඔය ඉන්නේදිලුමනොහොත් හාමු මහත්තය. බිව්වට පස්සේ  කබ්බ දාන්නේ එහෙම නෑලු. කවදාවත් බිව්වට පස්සේ  “මචන් නින්ද යනකල් පිට පොඩ්ඩක් අතගාපන්කෝ..කියල කියන්නෙත් නෑලු. හිකි හිකි.
  13. මේ ඉන්නේ “චූව”. නම හැදිච්ච හැටි නම් අහන්න එපා. මූ ඉන්න හැම තැනම මී දුම වගේ. කලින් ට්‍රිප් එකේ නොනවත්වා සුරුට්ටු පත්තු කරලා තියපු රෙකෝඩ් ඒක කඩන්න පුළුවන් උටම විතරයි. අපිනම් ලොවෙත් ට්‍රයි කරන්නෙත් නෑ.
  14. මේ “නදුන්” කිසි සද්දක් බද්දයක් නෑ. ඉන්නවද නැද්ද කියලත් නෑ. අපේ මෝල එක්ක මුගේ පොඩි “පොරක්” තියනවා කියල තමා අහවල්ලු කියන්නේ. ඔය අහවල්ලු කියන කතා විස්වාස නොකරත් බෑ අප්පා...

ඔන්න ඔහොම සෙට් එකක් තමා අපේ ගමනට යන්න සෙට් උනේ. එක එක ජාතියේ මිනිස්සු ටිකක්. ඔයිං මෙයින් ගමන යන දවසේ උදේ එලි උනාලු....

ඉතුරු ටික ඊලග කොටසින් බලාපොරොත්තු වන්න...


ප.ලි. :
තාම කිසි ජොලියක් නෑ කතාවේ. මොකද තාම බෝතලයක් කැඩුනේ නෑනේ. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

මේ මම ට්‍රිප් එක ගිය උන්ට කියන්නේ. තාම දවස එලබුනා විතරයි. එතනට එනකල් විතරක් මිස් උන කතා දාපල්ලා පල්ලෙහායින්... මම ඔක්කොම දැම්මේ නෑ. බොලලටත් දෙයක් ඉතුරු කරා. දැන් ඉතින් දාපල්ලා කොමෙන්ට්.

Thursday, August 25, 2011

ආතල් ප්‍රශ්න... (පුළුවන්නම් දෙන්න උත්තර.. ඔට්ටුයි බෑ)


අද මම අහන්නේ ෆුල් ආතල් ප්‍රශ්න ටිකක්. මේවට බොක්කෙන් හිතන්න යන්න එපා. ආතල් විදියට ෆන් එකේ උත්තර හොයන්න. ෆන්ම උත්තර දුන්න කෙනා තමයි දිනන්නේ... හැම එකකටම ලස්සන ප්‍රැක්ටිකල් උත්තර තියනවා...සමහර ඒවාට ඒක පාරටම උත්තරය පේනවා. වැඩිය ස්මාට් වෙන්න ගිහින් වරද්දගන්නවා එහෙම නෙමේ...

1) කැන්ගරුවෙක්ට(Kangaroo) අයිෆල් කුලුනට(Eiffel tower) වඩා උඩ පනින්න පුලුවන්ද??  (උත්තරයට හේතුව දක්වන්න)

2) තනිකඩ ජිවිතයේ ඇති වඩාත්ම සුවිශේෂී වාසිය කුමක්ද?

3) මුදල් රහිත ආදරයක් අත්විදිය හැකිද??

4) පොටෑසියම්, අයන්, නිකල් (Potassium, Nickel, Iron) යන සංයෝග තුන බාවිතයෙන් සාදා ගත හැකි ආයුධය කුමක්ද?

5) ලෝකයේ සිටි කම්මැලිම මිනිසා කවුරුන්ද??

6) අපට ඉර(Sun) දැකිය හැක්කේ දවල්ට පමණි. රාත්‍රියට ඉර(Sun)  නැත. මිට හේතුව කුමක්ද?

7) පිනිමට නොහැකි මාළුවා(Fish) කවුරුන්ද?

8) හොදින් වැඩුණු අලියෙකු(Elephant) මිනි කුපරයක් තුලට ඇතුළුවන්නේ කෙසේද?

9) බලපත්‍ර නැති වුවද තවමත් රාජකාරි කරන රියදුරා(Driver) කවුරුන්ද?

10) පරිගණකය යනු ලැජ්ජාවක් නැති (Shameless) යන්ත්‍රයකි. මෙට හේතුව කුමක්ද?

එහෙනම්  අපි කැපුනාවේ.....

Tuesday, August 23, 2011

බහිරවයා (කුජීතය)


මේක මට ලගදී ආව ඊයක්. මේකේ මම කිසිම වෙනසක් කරලා නෑ. සිංහලෙන්ම තමා ආවේ . ඒ කියන්නේ අපේ කවුරු හරි තමා ලියල තියෙන්නේ . ආපු ඊයේ කතාව ලියපු කෙනා ගැන තිබුනේ නෑ. ඒ  නිසා මට link එකක් දාන්න බෑ. නමුත් මේකේ ගවුරවය  ලියපු කෙනාට යන්න ඕනේ. කතාව ෆුල් ෆන් . ඒ නිසා කියවල නැති අය සමග ෆන් එක බෙදාගන්න මම මේක දානවා.



 

කියවන්න අමාරුනම් අදාළ කොටස උඩින් click කරන්න. ලොකුවට පෙනේවි. මම ටයිප් කරේ නැති නිසා ලොකුවට දාන්න බෑ.

Friday, August 19, 2011

අම්මට හු***** (15+)

අම්මට හු***** (15+)




මේ දවස් වල වැඩිය ලියන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. වැඩිය නොලියන්න හේතුව මෙතනින් ගිහින් බලන්න. ගොඩක් අය බුකියේ, ඊයවල් වගේම කෝල් කරලා හිට මොකද්ද බන් මොනවා හරි ලියපන්කො කියල කිව්වා. ඔයාල කියන දේ අහක දාන්න බැරි නිසා ඔන්න ලියනවා.

මම කොලුවා පහුගිය සති අන්තයේ යාල කැලේ සවාරියක් ගියා. (රනිල්ගේ තොප්පිගල කැලේ වගේ නෙමේ යාල) ගියේ මගේ ඉස්කෝලේ ගජයෝ සෙට් එකත් එක්ක. මේ දවස් වල එකේ විස්තර කතාවක් විදියට ලියනවා. තාම ඒක ඉවර නෑ. ඒ මගුල පට්ට විදියට දික් වෙනවා. (වැඩිය මඩ එහෙම නෑ එකේ. හිකි හිකි ) ඒක එනකල් මේ කතාව දාන්න හිතුව.

ඔයාල හැමෝම දන්නවා මම මගේ බ්ලොග් එකේ කුණුහරප දාන්නේ නෑ . නමුත් මේ කතා සෙට් එක දාන්න හිතුවේ පට්ටම ආතල් නිසා. මේ සෙට් එක ඇහුවෙත් ඔය යාල ගමනේදීම තමා. අහපු හැටියේම මම හිතා ගත්ත අනිවා දානවා කියල.

ටොපික් එක දැක්කම දන්නවනේ මොකක් ගැනද කියන්න යන්නේ කියල. ඇත්තටම මම කියන්න යන්නේ ඔය "අම්මට හු...." කියන වචනයේ නොයෙක් රසවත් යෙදීම් කීපයක්. කොල්ලෝ ඉන්න තැන්වල නිතරම යෙදෙන වචන දෙකක්නේ මේක..

පළමුවෙනි යෙදීම යාල ඇතුලේ හොදට බිල ඉන්න වෙලාවක අපේ සෙට් එකේ උසම කොටා සහ හැමවෙලේම ඌට කලින් කට දුවන දමිත් කිව්වේ,

ඔන්න එක ගමක ටිකක් විතර චන්ඩි කොල්ලෙක් හිටියලු. දවසක් මුගේ ගෙදරට වෙන සෙට් එකක් ඇවිත් මුට නෙලන්නං. මු ඉදල තියෙන්නේ කාමරේ. කොල්ලෝ සෙට් එක එළියේ ඉදන් කෑගහනවලු

"අඩෝ %##^&^ (සමනලය) එලියට වර ඩෝ"
වගේ කතා කිය කිය. ඕක මුලින්ම ඇහිලා තියෙන්නේ උගේ තාත්තට. තාත්ත එලියට ඇවිත් දැන් මේ කොල්ලෝ සෙට් එක ශේප් කරන්න බලනවා. ඔය අතරේ අර චන්යට මේක ඇහෙනවා, මු එනවා එලියට, ඇවිත් සෙට් එක දැකල තාත්තට මෙන්න මෙහෙම කිව්වලු,
"තාත්ත යන්න තාත්තේ ඇතුලට අම්මට හු*****, මම බලාගන්නම් මුන් සෙට් එක ගැන"

මේ දෙවෙනි යෙදීම, මේක කිව්වේ කවුද  මතක නෑ . කොටාමද  දන්නේ  නෑ. ඔන්න කොල්ලෙක්ගේ (ටිකක් පම්පෝරි  කාරයෙක්) තාත්ත මැරුනලු. දැන් මළගෙදර කටයුතු එහෙම ඉවර වෙලා සතියකින් විතර මුට මුගේ පරණ යාලුවෙක් සෙට් උනාලු. විස්තර කතා කරන අතරේ තාත්තගේ මරණේ ගැනත් කිව්වම, යාළුවා කිව්වලු "මොකද්ද බන් කෝල් එකක් දුන්න නම් එනවනේ . තියන වැඩක් පලක් කරලා දෙන්න හරි... උබනම් මාර මිනිහෙක් තමා..."

ඔන්න අරුගේ පම්පෝරි ගුණය මතු උනාලු . මු මෙහෙම  උත්තරයක් දුන්නලු යාලුවට.
"කොහේ කෝල් කරන්නද බන්, තාත්තගේ මරණේ ආරංචි උනා විතරයි ආවේ නැද්ද සෙනග අම්මට හු******, හරිම අමාරුවෙන් බන් කට්ටියව හැඩල් කරේ.."

දැන් තුන් වෙනි යෙදීම, මේක ඇහුනේ අපි සෆාරිය යන අතරේ . අපිට සෆාරියේදී දෙපාරක් අලි ගහන්න ගිහින් නොමැරී බේරුනා. ඔය එක අවස්තාවක තමයි මට මේ කතාව ඇහුනේ . දැන් අලියා පාර අයිනේ ඉදන් පිබ පිබ ඉන්නවා. අපේ සෆාරි කාරයත් අපිට ආතල් දෙන්න අලියව කුලප්පු කරනවා. පිබ පිබ හිටපු අලියා එක පාරටම ආවේ නැතා වාහනේ දිහාවට. ඕක දැක්ක අපේ ජෝන්ටෙක් මෙන්න මෙහෙම කියපි.
"අම්මට හු**** අලියා එනෝ...

ඔය වගේ කොල්ලෝ සෙට් එකක් ඉන්න තැන ඔය වචනේ හරි ලස්සනට යෙදෙන  අවස්ථා තියනවා. මේ කීපයක් තමා මම ලිව්වේ . මේ වගේ කතා අනන්තවත් තියනවා.

හපොයි... දැන් හොදටම ඇති... එහෙනම් අපි කපුනාවේ....

Sunday, August 7, 2011

පෙම්කලත් මම ඔබට.., රැවටුවා ඔබ මාව..,

Saturday, August 6, 2011

වැඩ පිට වැඩ.. අපොයි...


අප්පා.. බ්ලොග් එකේ මකුළු දැලුත් බැදිලා. දවස් 3 කට පස්සේ තමා මමත් මගේ බ්ලොග් එක පැත්තේ ආවේ. මගේ පහුගිව ඒවා කියවපු අය දන්නවා මම වැඩ කරන කොම්පැනිය මාරු කරා කියල. මෙච්චර කල් හිටිය මුභාෂාව දාල මම "අපෝ නෑ" වගේ ශබ්ද වෙන කොම්පැනියකට ගියාලු.



දැන් සතියක් තිස්සේ එක එක ඒවා ඉන්ස්ටෝල් කරනවා. පොඩ්ඩක් හිතපල්ලා සතියක් තිස්සේ නොනවත්වා ඉන්ස්ටෝල් කොරනවා කියන්නේ.. මට පිස්සු වගේ..

ලොකුම කෙලිය අලුත් කොම්පැනියේ පාවිච්චි කොරන්නේ LINUX. ලොවෙත් මේ මගුල පාවිච්චි නොකල මට දැන් මේක ඕනවට හරි එපාවට හරි පාවිච්චි කරන්න වෙලා. දැන් තමා මට බිල් ගේට් කාරයට මල් තියල වදින්න හිතෙන්නේ. ඌ නම් දෙවියෙක් නෙමේ දේවාලයක්.

ගියපු අලුත වැඩිය නෝට් වෙන්න බෑනේ. ඉතින් කොල්ල නොනවත්වා වැඩ. බුකිය පැත්තේ වත් ගියේ නෑ.බ්ලොග් එක පැත්තේ ගියාට සිංහල පෙන්නේ නෑ. LINUX වල සිංහල දාගන්න මම තාම දන්නේ නෑ. 

අපරාදේ  කියන්න බෑ, මුභාෂාව වගේම මේ කොම්පැනියේ ඉන්න අයත් හරිම හොදයි. දන්නේ නැති දේවල් බනින්නේ නැතුව කියල දෙනවා. එකම දේ කීප සැරයක් ඇහුවත් තාම බැන්නේ නම් නෑ. මේ ටිකට බැන්නේ නෑ කියන්නේ ආයේ ලොවෙත් බනින්නේ නෑ. ඒ තරම් මම වාත උනා. ලොල්ය...

කොම්පැනියේ  ඉන්න හිච්චිම කොල්ල මමද කොහෙද(මම තමා). පොඩි වගේ පෙනුන අක්ක කෙනෙක් හිටිය. මම පොඩි ටෝකක් දුන්න.(ඔය ඉතින්... කුපාඩි කමට නෙමේ යකුනේ.. මනුස්ස කමට.) එකිත් මට වඩා අවරුදු 2ක් වැඩිමල්. ඉන්නවැඩි හරියක් 30-40. මට තාම 24 කියල බොලා දන්නවනේ. සම වයසේ අය නැති එක හිතට දුකක් උනත්, මේ වගේ කොම්පැනියකට අඩු වයසෙන් එන්න ලැබීම ගැන පට්ට සතුටුයි. (අතට ලැබෙන ගානත් වැඩියිලු.. හිකි හිකි)

මොනවා  උනත් මේ රස්සාව මගේ ජිවිතේ ලොකු වෙනසක් කරයි කියලනම් මට දැනෙනවා. බලමුකෝ ඉස්සරහට.

ඉන්න අය හොදට කන බොන අය වගේ පෙනුම. (කොහොමත් ඉතින් IT කරන අය කනවා බොනවා නේ..) හැබැයි තාම සෙට් වෙන්න උනේ නෑ. ඉස්සර මුභාෂාව වගේ හවසට 200ක් දාගන්න කෙනෙක් නැති එක නම් ලොකුම පාඩුවක්. ඉක්මනට මොකෙක් හරි ජොන්ටෙක් සෙට් කරගන්න ඕනේ.

අපේ කට්ටියගේ බ්ලොග් පැත්තේ මම පහුගිය ටිකේ සහ ඉස්සරහ දවස් ටිකේ සැරිසරන්නේ නැති එකට සමාවෙන සේක්වා.. මොනවා උනත් කන්න දෙන රස්සාව ඔක්කොටම වඩා ලොකුයිනේ..

වැඩි වෙලා ලියන්නත් බෑ අප්පා.. අද දවසේ මම හම්බානකට නෑවා. error එකක් ඇවිල්ල ඇස්දෙක රිදෙනකල් හෙව්වා හෙව්වා... අන්තිමට බැරිම තැන ඇහුවම අයිය කෙනෙක් ඇවිල්ල (මිනිහටත් වැඩේ අල්ල ගන්න ටිකක් වෙලා ගියා) හදල දුන්න. මගේ ඔලුව රිදෙනවා. දැන් මට ඕනේ පිලුම් කෑල්ලක් දාගෙන ඇදට වැටෙන්න.

ඔන්න ඕකයි මගේ අලුත්ම තත්වය.. තරහ වෙන්න එපා.. වැඩිය ලියන්න වෙන එකක් නෑ මේ මාසේ.. හැබැයි ලියන එක නවත්තන්නේ නෑ.. ටික දවසකින් වැඩ ටික අල්ල ගත්තම කොල්ල ආයෙත් ලියන්න පටන් ගන්නවා. එහෙනම් මම කැපුනා... හැමෝටම ජයෙන් ජය...